×

තායිලන්තයේ ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථානයක වෙඩි තැබීමකින් දරුවන් ද ඇතුළුව පුද්ගලයන් 31 දෙනෙකු මරුට

මියගිය අය අතර ළමුන් 23 ක්, ගුරුවරුන් දෙදෙනෙකු සහ පොලිස් නිලධාරියෙකු සිටින බව තායිලන්තයේ ප්‍රාදේශීය මහජන කටයුතු කාර්යාලය තහවුරු කර ඇත.


මීට සුළු මොහොතකට පෙර තායිලන්තයේ ඊසානදිග පළාතේ ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථානයක සිදුවූ වෙඩි තැබීමකින් දරුවන්ද ඇතුළුව පුද්ගලයන් 30කට වැඩි පිරිසක් මිය ගොස් තිබෙන බව වාර්තා වේ.

මියගිය අය අතර ළමුන් 23 ක්, ගුරුවරුන් දෙදෙනෙකු සහ පොලිස් නිලධාරියෙකු සිටින බව තායිලන්තයේ ප්‍රාදේශීය මහජන කටයුතු කාර්යාලය තහවුරු කර ඇත.

ප්‍රහාරය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු පැවැත්වෙන අතර තායි මාධ්‍ය පවසන්නේ ප්‍රහාරකයා රාජකාරියෙන් නිදහස් වූ හිටපු තායි පොලිස් නිලධාරියෙකු බවයි. තුවක්කුකරු මෙම වෙඩි තැබීමෙන් අනතුරුව සිය දිවි හානිකර ගෙන ඇත.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි