×

තායිවානයේ ජනගහනය මිලියන 23.19 දක්වා පහතට!

තායිවානය ශතවර්ෂ ගණනාවක් පුරා නැගෙනහිර ආසියාවේ ඉතිහාසය තුළ සුරක්ෂිත සිථානයකි.


තායිවානයේ මුළු ජනගහනය මේ වන විට මිලියන 23.19 කි. ඉතිහාසය හා ජනවාර්ගිකත්වය අනුව, තායිවානයේ ජන සංයුතිය ඉතා සිත් ගන්නා සුළු ය.

තායිවාන් ජාතිකයන්ගෙන් 98% ක්ම වාර්ගික හෙන් වර්ගයට අයත් වෙති. එමෙන් ම 70% ක් පමණ හොලොවෝ ජන වර්ගයට අයත් වේ. තවත් 15% ක්ම හක්කා නම් වර්ගයට අයත්ය. මීට අමතරව 2% ක් ආදිවාසී ජනයාගෙන් සමන්විත වේ.

2022 මැයි මාසය වන විට තායිවානයේ ජනගහනය 23.19 වූ අතර එය ගිය වසරට සාපේක්ෂව කෙමෙන් අඩුවී යන බව තායිවානයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය (MOI) මඟින් ඊයේ දින(10) වන විට ප්‍රකාශයට පත් කර ඇත.

මෙහි ජනගහනය අප්‍රේල් සිට 18,837 කින් පහත වැටෙන බව CNA ජාත්‍යන්තර මාධ්‍ය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

පෙබරවාරි මාසයේ වාර්තා වූ 9,617 උපත් සංඛ්‍යාව මේ වන විට 9,442 දක්වා පහත වැටී ඇත.

2021 මැයි මාසයේදී සෑම මිනිත්තු 4.7කට එක් දරුවකු උපත ලැබූ අතර 2022 අප්‍රේල් මාසයට වඩා 1,780 අඩු වී ඇත.

තායිවානයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයට අනුව මරණ වල වැඩිවීමක් දක්නට ලැබේ. එනම් 2021 වසරේ මැයි මාසයේදී වාර්තා වූ මරණ සංඛ්‍යාව 17,409 කි. ඊට සාපේක්ෂව 2022 වසරේ මාර්තු මාසයේදී වාර්තා වූ සංඛයාව 18,239කි. ඒ අනුව මරණ සංඛයාවේ පැහැදිලි වර්ධනයක් දක්නට ලැබේ.

රට තුළ ජනගහන වර්ධන වේගය අඩු වීම සඳහා බලපාන ලද හේතූන් අතර පවුල් සංස්ථාවේ බිඳී යාමද , සමරිසි විවාහයන්ද වැදගත් කරණු බව විචාරකයෝ දක්වති.

එනම් ජනවාරි මස සිට මැයි මස දක්වා විවාහ වන ලද පිරිස 52,474කි. සමලිංගික විවාහ සංඛාව 304කි. එයින් 20,210ක් දික්කසාද වීමට නඩු ගොනුකර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

සශිකලා මධුෂාණී



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි