×

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනෙකුටත් කොරෝනා – ඩු’ප්ලෙසිට පුහුණු සැසිය මගහැරෙයි

දකුණු අප්‍රිකානු ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් දෙදෙනෙකුටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. එරට ක්‍රිකට් ආයතනය අද මේ බව නිවේදනය කළේය.


දකුණු අප්‍රිකානු ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් දෙදෙනෙකුටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. එරට ක්‍රිකට් ආයතනය අද මේ බව නිවේදනය කළේය.

කෙසේ වෙතත් වෛරසය ආසාදනය වී ඇති ක්‍රීඩකයන් දෙදෙනා කවුරුන්ද යන්න පිළිබඳව දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය හෙළිදරව් කර නොමැත.

එරට ජාතික සංචිතය නියෝජනය කරන ක්‍රීඩකයන් 32 ක් පසුගිය 18 වැනිදා සිට විශේෂ පුහුණ සැසියකට සහභාගි වන අතර එම පුහුණු සැසියට පෙර අදාල ක්‍රීඩකයන් සියලු දෙනාම පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකර තිබේ. එහිදී තහවුරු වී තිබන්නේ දෙදෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවයි.

මෙම පුහුණු සැසිය අගෝස්තු 22 වැනිදා දක්වා පැවැත්වෙන අතර ඒ අනුව පුහුණු සැසිය පැවැත්වෙන්නේ ක්‍රීඩකයන් 30 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පමණි.

මේ අතර ෆැෆ් ඩුප්ලෙසි සිය බිරිඳගේ දෙවැනි දරු ප්‍රසූතිය හේතුවෙන් මෙම පුහුණු කඳවුරට සහභාගි වෙන අතර තිවුනීස් ඩි බ්‍රයන් ද පෞද්ගලික හේතුවක් මත පුහුණු කඳවුරු සඳහා සහභාගි නොවේ.

අප්‍රිකානු කලාපයේ වැඩිම කොවිඩ් ආසාදිතයන් පිරිසක් මෙන්ම වැඩිම කොවිඩ් මරණ වාර්තා වී තිබෙන්නේද දකුණු අප්‍රිකාවෙනි. එරටින් වාර්තා වන සමස්ත ආසාදිතයන් ප්‍රමාණය මේ වනවිට ලක්ෂ 06 ආසන්නයට පැමිණ ඇති අතර දකුණු අප්‍රිකානුවන් 12,423 කට සිය ජීවිතය අහිමි වී තිබේ.

UN



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි