×

දකුණු අප්‍රිකාවෙහි යෞවනයන් 21 දෙනෙකු මිය ගිය Enyobeni tavernහි සමූහ අවමංගල්‍යයේ කඳුළු

විෂ ආශ්වාස කිරීමෙන් හෝ විෂ සහිත මත් පැන් ශරීරගත වීමෙන් මොවුන්ගේ මරණයන් සිදු වන්නට ඇති බව අධිකරණ වෛද්‍ය විශේෂඥයින් සැක පහල කර තිබේ.


දින කිහිපයකට පෙර දී Enyobeni Tavern හි වසර මැද විභාගයේ අවසානය සැමරීම සඳහා රාත්‍රී සමාජ ශාලාවක පැවති ”පෙන්ස් ඩවුන්” නම් සාදයකට සහභාගී වූ දකුණු අප්‍රිකාවෙහි යෞවනයන් 21 දෙනෙකු මිය ගොස් ඇත. විෂ ආශ්වාස කිරීමෙන් හෝ විෂ සහිත මත් පැන් ශරීරගත වීමෙන් මොවුන්ගේ මරණයන් සිදු වන්නට ඇති බව අධිකරණ වෛද්‍ය විශේෂඥයින් සැක පහල කර තිබේ. මෙම මරණවලට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැති වීම පවුල්වල කෝපයට හා කලකිරීමට හේතු වී තිබේ.

සිය දරුවන්ගේ හිත මිත්‍රාදීන්ගේ වියෝව සිහි කිරීමට දකුණු අප්‍රිකාවේ ජනාධිපති සිරිල් රමෆෝසා ඇතුළු දහස් ගණන් ශෝකවන්නන් ඉදිරියේ හිස් මිනී පෙට්ටි 19ක් තැන්පත් කර ඇත. සංස්කෘතික හේතූන් මත මේවා හිස්ව පවතියි. මෙහිදී ඥාතීන් මරණ දැන්වීම් කියවීමට, අන්වර්ථ නාම බෙදා ගැනීමට සහ වෙනත් ආදරණීය මතකයන් මාරු කර ගැනීමට අවස්ථාව සලසා ඇත.මෙහිදී ශෝකයට පත් වූවන් පැමිණ සිටියේ පාසල් නිල ඇඳුමින් සහ තවත් අය විපතට පත් වූවන්ගේ මුහුණු සහිත ටී ෂර්ට් පැළඳගෙනය. නව යොවුන් වියේ පසුවන්නන් දෙදෙනෙකු මේ වන විටත් තැන්පත් කර ඇති අතර අනෙක් අයගේ දේහය ඉදිරි දින කිහිපය තුළ වෙන වෙනම තැන්පත් කිරීමට නියමිතය.

“ඔබේ මරණයෙන් අපි රැවටුනා, අපි ඔබේ දීප්තිමත් අනාගතය ගැන බොහෝ බලාපොරොත්තු තබාගෙන සිටි අතර ඔබ ඔබේ පවුල දරිද්‍රතාවයෙන් මුදා හරිනු ඇත, නමුත් ඔබ දැන් විනාශ වී ඇත.” සිය දරුවන්ගේ මරණය වෙනුවෙන් බොහෝ දෙනා හඬා වැළපෙමින් ඇත.
ශෝකයට පත් වූවන් අමතමින් නැගෙනහිර කේප් අග්‍රාමාත්‍ය ඔස්කාර් මාබුයාන් දකුණු අප්‍රිකාව ශෝකයද ප්‍රකාශයට පත් කර ඇත. පොලිස් අමාත්‍ය භේකි සෙලේ ප්‍රකාශ කර තිබුණේ “මට අවශ්‍ය මේ අවමංගල්‍ය උත්සවය සාමකාමී දිනයක් වීමටයි, නමුත් යුද්ධයක් නොපැමිණෙන බව එයින් අදහස් නොවේ,” යන ලෙසයි.

Enyobeni Tavern රාත්‍රි සමාජ ශාලාව තාවකාලිකය වසා දමා ඇති අතර එහි හිමිකරුට මත්පැත් අළෙවි කිරීමේ බලපත්‍රයද අත් හිටුවා ඇත.

ඡායාරූප :BBC

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි