×

දකුණු අප්‍රිකාවේ වර්ණභේද සමයේ අවසන් ජනාධිපති F. W. ඩි ක්ලර්ක් මෙලොව හැර යයි

1993 දී ඩි ක්ලර්ක්ට සහ මැන්ඩෙලා නොබෙල් සාම ත්‍යාගයේ සම හිමිකරුවන් වි​ය. 

දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදී සමයේ අවසන් ජනාධිපතිවරයා වූ F. W. ඩි ක්ලර්ක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මියයනවිට ඔහු 85 වන වියෙහි පසුවිය. ඩි ක්ලර්ක්  පෙනහළු ආශ්‍රිත පිළිකාවකින් පෙළෙන බව මීට මාස කිහිපයකට පෙර අනාවරණය කරගෙන තිබුණි.

1989 සිට 1994 දක්වා දකුණු අප්‍රිකාවේ ජනාධිපති ලෙස කටයුතු කළ ඔහු 1994 දී එරට පළමු ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයෙන් පසු උප ජනාධිපතිවරයකු ලෙස පත් කරන ලදී.

ජාතිකවාදී පක්ෂයේ සෙනට් සභිකයකු සහ ඇමතිවරයකු වූ ඔහු පාර්ලිමේන්තුවට මුලින්ම තේරී පත්වූයේ 1972 දී ය.

ජොහැනස් ඩි ක්ලර්ක්ගේ පුත්‍රයකු වූ ඩි ක්ලර්ක් 1936 මාර්තු 18 වනදා උපත ලැබීය.

වර්ණභේදවාදය අවසන් වෙමින් පැවති සමයෙහි ජනාධිපති ධුරයට පත්වූ F. W. ඩි ක්ලර්ක් නෙල්සන් මැන්ඩෙලා වෙත නිදහස ලබා දී පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම පිළිබඳ ඔහු හා සාකච්ඡා පවත්වා ඇත.

1993 දී ඩි ක්ලර්ක්ට සහ මැන්ඩෙලාට නොබෙල් සාම ත්‍යාගයේ සම හිමිකරුවන් වි​ය.

1994 මැතිවරණයෙන් පසු උප ජනාධිපති ධුරයකට පත් කෙරුණ ද මැන්ඩෙලා පාලනය සමග වූ මතභේද හේතුවෙන් 1996 දී තනතුරෙන් ඉවත් වූයේ ය.

#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි