×

දකුණු කැරොලිනාවට සුළි කුණාටු , ෆ්ලොරිඩාවට ගංවතුර; ආපදාවට පත් ඇමරිකාව

නිව්යෝක් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබුණෙි ෆ්ලොරිඩාවේ සමහර අපජල පිරිපහදු පහසුකම් අමු හෝ අර්ධ වශයෙන් පිරිපහදු කළ අපද්‍රව්‍ය දේශීය ජල මාර්ගවලට මුදා හරින බවයි.


එක්සත් ජනපදයට බලපෑ ප්‍රබලතම සුළි කුණාටුවක් වන ඉයන් සුළි කුණාටුව දකුණු කැරොලිනා වෙත ගමන් කරන විට ෆ්ලොරිඩා වැසියන්ට ව්‍යසනකාරී ගංවතුර තත්වයක් ඇතිව තිබේ.

මේ සම්බන්ධයෙන් වොෂින්ටනයේ ෆෙඩරල් හදිසි කළමනාකරණ ඒජන්සියේ මූලස්ථානයේදීඅදහස් දක්වමින් ජනාධිපති ජෝ බයිඩන් කියා සිටියේ, ෆ්ලොරිඩා ඉතිහාසයේ මාරාන්තිකම ව්‍යසනය ඉයන් කුණාටුව බව ප්‍රකාශ කරන ලදි. සංඛ්‍යා තවමත් අපැහැදිලි නමුත් සැලකිය යුතු ජීවිත හානි සංඛ්‍යාවක් අසන්නට ලැබෙන බව මෙහිදී බිඩෙන් පැවසීය.

වෙරළාරක්ෂක බලකාය සහ අනෙකුත් ගලවා ගැනීමේ කණ්ඩායම් අතරමං වූ පදිංචිකරුවන්ට ආධාර කරමින් සිටින අතර පසුගිය පැය 24 තුළ පුද්ගලයින් 700 කට වැඩි පිරිසක් බේරාගෙන ඇත. නිවාස ඇතුළු සිදුවූ දේපල හානිය මෙතෙක් ගනන් බලා නොමැති අතර, කැරොලිනාවේ හා ෆ්ලොරීඩාවේ විදුලිය විසන්ධි වීම් වාර්තා වේ. රෝහල් වෙත විදුලි ජනක යන්ත්‍ර සහ ඉන්ධන, අවතැන් වූ පුද්ගලයින් සඳහා ආහාර, ජලය සහ අනෙකුත් සැපයුම් ද මේ වන විට බෙදා හරිමින පවතියි.


මේ සම්බන්ධයේ නිව්යෝක් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබුණෙි ෆ්ලොරිඩාවේ සමහර අපජල පිරිපහදු පහසුකම් අමු හෝ අර්ධ වශයෙන් පිරිපහදු කළ අපද්‍රව්‍ය දේශීය ජල මාර්ගවලට මුදා හරින බවයි. ෆ්ලොරිඩාවේ පාරිසරික ආරක්ෂණ දෙපාර්තමේන්තුව අපද්‍රව්‍ය බැහැරකිරීම් විශාල වශයෙන් වාර්තා වන බැවින් බැක්ටීරියා හෝ වෙනත් රෝග ඇති කරන ජීවීන් මෙන්ම ඉහළ නයිට්‍රජන් සහ පොස්පේට් ජලයේ අඩංගු විය හැකි බවයි. අපද්‍රව්‍ය බැහැර කිරීම හේතුවෙන් දේශීය වන ජීවීන් විශාල වශයෙන් මිය යා හැකි අතර, මෙයින් වන හානිය තක්සේරු කිරීමට කාලය ගතවනු ඇතැයි විශේෂඥයෝ පවසති.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි