×

දකුණු කොරියාවේ මෙතෙක් වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණන වාර්තා වෙයි – පාලනය ගිලිහිලාද?

මාර්තු 08 වැනිදායින් පසු දකුණු කොරියාවේ දිනකට වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් ගෙවුණු පැය 24ක කාලය තුළ වාර්තා වී තිබේ. 


මාර්තු 08 වැනිදායින් පසු දකුණු කොරියාවේ දිනකට වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් ගෙවුණු පැය 24ක කාලය තුළ වාර්තා වී තිබේ.

ඒ අනුව ඊයේ දිනයේදී නව ආසාදිතයින් 315ක් වාර්තා වී ඇති බවයි එරට නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය කිම් ගැන්ග්ලිප් මහතා පවසා ඇත්තේ.

ජේජු දූපත හැර රටේ  ප්‍රදේශවල වෛරසය යළි ව්‍යාප්තවෙමින් තිබෙන අතර පසුගිය සතියක පමණ කාලය තුළ ආසාදිතයින් වාර්තා වීම වැඩි වී ඇති බව සඳහන්.

සාරං-ජයිල් දේවස්ථානයෙන් මේ වන විට පුද්ගලයින් 739 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බව හඳුනාගෙන තිබෙන අතර දකුණු කොරියාව තුළ යළිත් වරක් කොරෝනා වෛරසය හිස ඔසවන තැන මෙම පල්ලිය විය හැකි බවද එරට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා ඇත.

මේ අතර වැඩිවශයෙන් ජනතාව එක්රැස් වන ස්ථානවල කොරෝනා පරීක්ෂාව සිදුකරන ලෙසයි රජය සෞඛ්‍ය බලධාරීන්ට දැනීම් දී ඇත්තේ.

මෙම තත්ත්වය මත Covid 19 හෙවත් නව කොරෝනා වෛරසය කෙතරම් බලසම්පන්න සෞඛ්‍ය අර්බුදයක් නිර්මාණය කර තිබෙන්නේද යන්න පැහැදිලිවන්නකි.

ASK



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි