×

දූෂණ වංචා සම්බන්ධයෙන් සිරගතව සිටි දකුණු කොරියාවේ හිටපු ජනාධිපති‌ට ජනාධිපති සමාව

සංහිඳියාව, ඉවසීම මඟින් ජාතික සමගිය පෝෂණය කිරීම අපේක්ෂාවෙන් මෙවර හිටපු ජනාධිපතිවරයා ඇතුළු පුද්ගලයන් 1,300කට මෙවර ජනාධිපති සමාව ලැබී ඇත.


අල්ලස් සහ දූෂණ වංචාවන්, හෙවත් සුදු කරපටි අපරාධ සම්බන්ධයෙන් වරදකරු බවට පත්ව වසර 17ක සිර දඬුවම් ලබමින් සිටි 81ක් හැවිරිදි දකුණු කොරියානු හිටපු ජනාධිපති Lee Myung-bakහට දකුණු කොරියාවේ වත්මන් ජනාධිපති සමාව යටතේ සමාව ලැබී ඇති බව දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කර තිබේ.

සංහිඳියාව, ඉවසීම මඟින් ජාතික සමගිය පෝෂණය කිරීම අපේක්ෂාවෙන් මෙවර හිටපු ජනාධිපතිවරයා ඇතුළු පුද්ගලයන් 1,300කට ජනාධිපති සමාව ලැබී ඇත. මෙලෙස ජනාධිපති සමාව ලබා දුන් අය අතර හිටපු පළාත් ආණ්ඩුකාරවරයෙකු වූ කිම් ක්‍යොං-සූ සහ හිටපු මුදල් අමාත්‍ය චෝයි ක්‍යොං-හ්වාන්, Samsung සභාපති Lee Jae-yong සහ STX සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති Kang Duk-soo ඇතුළු, දකුණු කොරියාවේ ප්‍රමුඛතම ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු ඇතුළත්ව ඇත.

2008 සිට 2013 දක්වා කාලය තුළ දකුණු කොරියාවේ ජනාධිපති ධූරය හෙබවූ Lee Myung-bak යනු Hyundai Engineering and Construction හි හිටපු ප්‍රධාන විධායක නිලධාරියා වේ.

ඔහුගේ ජනාධිපති සේවා කාල තුළ Samsung ඇතුළු විශාල සමාගම්වලින් අල්ලස් ලබාගෙන ඔහුගේ සමාගම් වෙනුවෙන් මුදල් යොදවා ඇති බවට චෝදනා ලැබීය. හිටපු ජනාධිපතිවරයා මෙම චෝදනාවන් ප්‍රතික්ෂප කළද, දකුණු කොරියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය 2020 ඔක්තෝම්බර් මාසයේදී ලීට වසර 17 ක සිරදඬුවමක් නියම කරනු ලැබීය.
ඔහුගෙන් අනතුරුව බලයට පත් හිටපු ජනාධිපතිනිය වන Park Geun-hye,ද මේ වන විට අල්ලස් සහ බලය අනිසි ලෙස භාවිතා කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් වසර 20කට වැඩි සිරදඬුවමක් ලබමින් ඇත.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි