×

දත් 526ක් ඇති සත් හැවිරිදි දරුවෙක් ඉන්දියාවෙන්

...



ඉඳහිට මුඛයේ වේදනාවෙන් පෙළුන සත් හැවිරිදි දරුවෙකුගේ මුථය තුළ දත් 526ක් පිහිටා තිබ දන්ත වෛද්‍යවරුන් විසින් සොයා ගෙන ඇත. ඔහුගේ හතු ප්‍රදේශයේ මෙම දත් පිහිටා තිබී ඇතිඅතර ඒවා එක් එක් ප්‍රමාණයන්ගෙන් නොපෙනෙන ලෙස පිහිටා තිබී ඇත.
ඉතා කුඩාවට පෙනුන මෙම දත් සියල්ල ඉතා කුඩා එනමලයකින් සහ දත් මුල් වලින් සමන්විත වේ.

මේ පිළිබදව පර්යේෂණ පැවැත්වූ වෛද්‍ය ප්‍රතිභා රමනී පවසන්නේ මෙම දත් මුඛයෙන් ඉවත් කිරීම සදහා ඉතා වෙහෙසක් ගැනීමට සිදු වූ බවයි. මෙම දරුවා හට මෙතරම් දත් ප්‍රමාණයක් පැවතීම ඔහුට විශාල වේදනාවක් නොදැනුනද ඔහුගේ හකු ප්‍රදේශයේ සාමාන්‍ය පරිදි දත් දැක ගත හැකි නොවීමත් ඉද හිට දැනුන වේදනාව හේතුවෙනුත් මේ පිළිබදව වෛද්‍යවරුන්ගේ අවධානය වොමු වී ඇත.

compound composite odontoma රෝගී තත්ත්වය හේතුවෙන් මෙලෙස වැඩි සංඛ්‍යාවක දත් පැවවතිය හැකි බව වෛද්‍යවරියාගේ මතයයි.
මීට පෙර 2014 වසරේදී ඉන්දියාවේ මුම්බායි නුවරදී දත් 232කින් යුත් 17 හැවිරිදි තරුණයෙකු හමු වී ඇත‍



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි