×

දරුවන්ට ශාරීරික දඬුවම් පැනවීම තහනම් කරමින් පනතක් පාකිස්තානයෙන්!

පාසල්, ආගමික ආයතන සහ සේවා ස්ථාන වලදී පාසල් ළමයින්ට දරුණු ලෙස පහර දී මරා දමන ලද ඉහළ පෙළේ සිද්ධීන් ගණනාවකින් පසුව එරට රජය මෙම තිරණයට එලඹ තිබේ.


පාකිස්තානය ළමයින්ට ශාරීරික දඬුවම් තහනම් කිරීමේ පනතක් සම්මත කර තිබේ. පාසල්, ආගමික ආයතන සහ සේවා ස්ථාන වලදී පාසල් ළමයින්ට දරුණු ලෙස පහර දී මරා දමන ලද ඉහළ පෙළේ සිද්ධීන් ගණනාවකින් පසුව එරට රජය මෙම තිරණයට එලඹ තිබේ.

පසුගිය මාසයේ පන්ජාබ් පළාතේ මද්රසා – ආගමික පාසලක පාඩමක් කටපාඩම් නොකිරීම හේතුවෙන් අට හැවිරිදි පිරිමි ළමයෙකුට ගුරුවරයා විසින් පහර දී මරා දමන ලදී.

2020 ජුනි මාසයේදී ඉස්ලාමාබාද්හි සේවිකාවක් ලෙස සේවය කරන තවත් අට හැවිරිදි දැරියක් තම සුරතල් ගිරවුන් මුදා හැරිම නිසා ඇගේ සේවා යෝජකයන් විසින් ඇයට පහර දී මරා දමන ලදී.

ශාරීරික දඬුවම් බහුලව පවතින රටක තහනමක් පිළිබඳව රට පුරා විවාදයට තුඩුදුන් මෙම සිදුවීම්, සමාජ මාධ්‍යවල පුළුල් ලෙස සංවාදයට ලක්විය.

එරට ජාතික සභාව විසින් සම්මත කරන ලද මෙම පනත් කෙටුම්පතට ළමයින්ට පහර දීම දඩුවම් ලැබිය හැකි වරදක් බවත්, විධිමත් හා අවිධිමත් සේවා ස්ථානවල සහ ආගමික, රාජ්‍ය හා පෞද්ගලික ආයතන ඇතුළු විවිධ අධ්‍යාපන පසුබිම්වල සියලු ආකාරයේ ශාරීරික  දණ්ඩනයන් ද තහනම් කර තිබේ.

Zindagi Trust පදනමේ නිර්මාතෘ සංගීතවේදී ෂෙෂාඩ් රෝ දශකයක් තිස්සේ මෙම ගැටලුව සම්බන්ධයෙන් විරෝධතාවයක යෙදී සිටී.

ළමයින්ට පහරදීම තහනම් කරන ලෙස ඔහු පසුගිය වසරේ ඉස්ලාමාබාද් මහාධිකරණයට පෙත්සමක් ගොනු කළේය.මෙම පනත සම්මත කර ගන්නා ලෙස 2020 දී විනිසුරු අතාර් මිනල්ලා ජාතික සභාවට උපදෙස් දුන්නේය. (theguardian වෙතින්)

සහන් හේවාගමගේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි