×

දවසේ වැදගත්කම – ඔක්තෝබර් 21 වැනිදා

අද වැනි දවසක ලෝක සිතියමේ...


1520 – දේශ ගවේශක මැගලන් පැසිෆික් සාගරයට පිවිසි ප්‍රථම යුරෝපියානුවා බවට පත්වෙයි.

 

 

1803 – ඉංග්‍රීසි විද්‍යාඥ ජෝන් ඩෝල්ටන් ජලය විසින් වායූන් ඇද ගැනීම පිළිබඳ පර්යේෂණ පත්‍රිකාවක් මැන්චෙස්ටර් සාහිත්‍ය සහ දර්ශනය පිළිබද සංගමයට කියවයි. මේ ඔහු ගේ පරමාණුවේ න්‍යෂ්ටික න්‍යායේ මූලධර්මය යි.

1816 – පෙනෑන්ග් නිදහස් පාසල මැලේසියාවේ පෙනෑන්ග්හි දී හචින්ස් පියතුමා විසින් පිහිටවනු ලබයි. මෙය දකුණු පෙරදිග ආසියාවේ ඉංග්‍රිසි බසින් ඉගැන්වූ ප්‍රථම පාසල යි.

නයිටිංගේල් ක්‍රිමියානු යුද බිමට

1854 – ෆ්ලොරන්ස් නයිටිංගේල් සමග හෙදියන් 38ක පිරිසක් ක්‍රිමියානු යුද්ධයට යවනු ලැබෙති. මේ යුද්ධයේ දී හෙද වෘත්තියට විප්ලවීය තත්ත්වයක් ගෙන දෙන්නට ඇයට හැකි විය. රාත්‍රී කාලයේ තුවාළ ලැබූ සොල්දාදුවන් සොයමින් යුධ බිම පුරා ලාම්පුවක් අතින් ගෙන ඇවිද ගිය ඇය, නූතන හෙද සේවයේ නිර්මාතෘවරිය ලෙස සැලකෙයි. හෙදියන් සිය සේවාව ආරම්භ කිරීමට පෙර ලබාදෙන ‘නයිටිංගේල් ප්‍රතිඥාව‘ ඇති වූයේ ද ඇය විසින් සිදුකළ සේවාව මුල්කරගෙන ය.

 

1879 – තෝමස් එඩිසන් තාපදීප්ත ආලෝක බල්බය සඳහා පේටන්ට් බලපත්‍රයට ඉල්ලුම් කරයි.

1944 – දෙවැනි ලෝක යුද්ධය – එක්සත් ජනපදය විසින් ජර්මානු නගරයක් වන ආචෙන් යටත් කර ගනියි. මෙය යටත් කරගන්නා ලද ප්‍රථම විශාල ජර්මානු නගරය යි. නාසි හමුදාව ක්‍රමෝපායික ලෙස පසු බැස්සවීම මේ සමග ආරම්භ විය.

1945 – ප්‍රංශයේ කාන්තාවෝ ප්‍රථම වරට ඡන්දය ප්‍රකාශ කරති.

1956 – කෙන්‍ යාවේ මාවු මාවු නැගී සිටීම (The Mau Mau uprising) පරාජය කරනු ලබයි.

1971 – ප්‍රකට කවියකු වන පැබ්ලෝ නෙරුඩා සාහිත්‍යය සඳහා වන නොබෙල් ත්‍යාගය දිනා ගනියි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි