×

දශකයේ අවසන් සූර්යග්‍රහණය ලොව පුරා දිස්වූ අයුරු (ඡායාරූප)

අද දින (26) දැකගත හැකි වූ දශකයේ අවසන් සූර්යග්‍රහණය ශ්‍රී ලංකාව ද ඇතුළු ලොව පුරා රටවල් කිහිපයකට දිස්වූ අයුරු


දශකයේ අවසන් සූර්යග්‍රහණය අදට යෙදී තිබූ අතර ලොව පුරා රටවල් ගණනාවකට එය දිස්විය. දෙසැම්බර් 26 සූර්යග්‍රහණය හෙවත් ‘වසරේ සූර්යග්‍රහණය‘ ලෙස මෙය හැඳින්වේ.

තමිල්නාඩුවේ යාග හෝම

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට මෙය පැහැදිලිව දිස්වූ බව වාර්තා වේ. තමිල්නාඩුවේ බොහෝ හින්දු කෝවිල් වසා දමා තිබුණේ සූර්යග්‍රහණයත් සමග ඇති වෙතැයි විශ්වාස කෙරෙන අයහපත් බලපෑම් අවම කර ගැනීම සඳහා අවශ්‍ය යාගහෝම සිදුකිරීමෙන් පසුව ය.

චෙන්නායි, ත්‍රිරුපිපල්ලයාි, උඩගාමන්දාලම් සහ මදුරෙයි යන නගරවලටද මෙම සූර්යග්‍රහණය හොඳින්ම දිස්වී තිබූ අතර, වළාකුළු තත්ව හේතුවෙන් කොයිම්බතූර් හිදී එය පැහැදිලිව දැකබලාගත නොහැකි විය.

මැලේසියාවේ ‘ඉර පළුව‘

A partial solar eclipse occurs over the skies of Kuala Lumpur, Malaysia. (Photo: Reuters)

මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ මැලේසියාවට සූර්යග්‍රහණය දර්ශනය වූ අන්දමයි.

සෞදි අරාබිය, කටාර්, එක්සත් ආරාබි එමීර්, ඕමානය, ශ්‍රී ලංකාව, මැලේසියාව, ඉන්දියාව, ඉන්දුනීසියාව, සිංගප්පූරුව, තායිලන්තය, උතුරුදිග මරියානා දූපත් සහ ගුවාම් යන කලාපවලට මෙම සූර්යග්‍රහණය දැකගත හැකි විය.

තායිලන්තයේ බැංකොක් නුවර සූර්යග්‍රහණය අතරවාරයේ පක්ෂියෙකුගේ පියාසැරිය කාච ඇසට හසු වී (Photo: Reuters)

සූර්යග්‍රහණ රේඛාවේ පිහිටි නගර

මේ අතර ඇතැම් නගර පිහිටා තිබුණේ කෙළින්ම හිරු, චන්ද්‍රයා සහ පෘථිවිය පිහිටා ඇති සරල රේඛාවට බාධා කරමිනි. මේ අනුව ලංකාවේ යාපනය, ත්‍රිකුණාමලය, සිංගප්පූරුව, සිංකවැන්ග්, ගුවාම්, ඌටි, කොයිම්බතූර් යන නගරවලට සූර්යග්‍රහණය පැහැදිලි ලෙසම දිස් වී තිබේ.

ඉන්දුනීසියාවේ රියායු පළාතට එය දිස්වූ අයුරු (Photo: Reuters)

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සූර්යග්‍රහණය දිස් වූ අයුරු (Photo: Associated Press)
Cover Photo – Reuters and Associated Press

පෙර ලිපිය – අද (26) සූර්යග්‍රහණය විශේෂයි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි