අපි කොයි යන්නේ – මරණින් පස්සේ?
1. පුරාණ ඉරානයේ පැවති ශරතුස්ත්‍රවාදය නමැති ආගමික දර්ශනයට අනුව දෙවියන් වසන තැනට යාම සඳහා මිනිසුන් මරණින් මතු පාලමක් තරණය කළ යුතුය. ඔවුන් ජීවත් ව සිටි කාලයේ පව් කර තිබේ නම් පාලම ක්‍රමයෙන් පටු වී කණපිට හැරෙයි. තවද පව්කාරයන් මේ ගමනේදී කුණුමස් කෑ යුතුය.
2.බැබිලෝනියානු පුරාණෝක්තිවලට අනුව ඉර්කල්ලා යනු අපායට සමාන තැනකි. මරණින් පසු මළ සිරුර වියෝජනය වනවිට ආත්මය වෙන්ව ගොස් රැකවලූන්ගේ පරීක්ෂාව මැද මඩ සහ දුහුවිලි අනුභව කළ යුතුය.
3. චීන පුරාණෝක්තිවලට අනුව ආත්මයන් පිහිවලින් සුසැදි කඳු පන්තියක් හෝ අයිස් ලෝකයක් මැදින් තමන් යා යුතු මග සොයාගත යුතු වේ.
4. තවද මරණින් පසු ද එම ආත්ම දෙවන වරටද මරණවලට මුහුණ දීමට ඉඩ ඇත. අපායේ ඉපදීමට ද පුළුවන.
5. මරණයට පත්වුයේ කෙසේද යන්න මත පුරාණ ඇස්ටෙක්වරුන් මරණින් මතු ජීවිත 1 සිට 3 දක්වා ප්‍රමාණයක් ලැබිය හැක. වයස්ගත වී හෝ රෝගාතුර වී මිය ගිය අය මික්ල්තාන් නමැති පොළොව යට ලොව උපදිති. මේ අතර, බිලි පූජාවලට ලක්කළ අය පාරාදීසයක උපදින බව ඇස්ටෙක් පිළිගැනීම විය.
6. ජැමෙයිකාවේ 30 දශකයේ ප්‍රචලිතව පැවති රස්ටෆාරියානු ආගමික ව්‍යාපාරය අනුව විශ්වාස කෙරුණේ මරණින් මතුද මිය ගිය කෙනා එම මළ සිරුරේම ජීවත් වන බවයි. අද පවා මේ දහම අදහන අය ලක්ෂයක් පමණ ජැමෙයිකාවේ වෙසෙති.
7. මිය යන මහල්ලන්ගේ ආත්ම එම නිවසේම සැරිසරමින් නිවෙස්වල ජීවත් වන්නවුන්ට බලපෑම් කරන බව අප්‍රිකානු ගෝත්‍ර ගණනාවක අදහසයි. භූමදාන කටයුතු ඉස්තරම් ලෙස නොකළොත් අකල් මරණ සහ වඳ භාවය ඇතිවන බව සිතයි.
8. පුරාණ මිසරවාසීන් විශ්වාස කළේද මරණින් පසු සිරුර හැරයාමට ආත්මය අසමත් බවය. එනිසා වැරදි වැඩ යැයි සම්මත දේ කළවුන් ව මමිකරණයට ලක් නොකර, හිපෝ-කිඹුල්-සිංහ ස්වරූපයක් සහිත දේවතාවියක් වෙත පූජාකිරීම සිදුවිය.
9. 11-19 සියවස් අතර කාලයේ ජපානයේ යමගටා ප්‍රදේශයේ ජීවත් වූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා විසින් ෂොකුසින්බොට්සු නමැති සම්ප්‍රදායක් ප්‍රගුණ කර තිබේ. ජීවත් ව සිටියදීම ස්වකැමැත්තෙන් මමිකරණයට ලක්වීම මගින් සම්බෝධිය ලබාගත හැකි බව එහි එක් ඉගැන්වීමකි.
10. පුරාණ ග්‍රීක විශ්වාසය වූයේ මළ මිනිසුන් ජීවිතය ගැන විනිශ්චය ලැබීම සඳහා ස්ටික්ස් ගංගාව වෙත යන බවයි. ඔවුන් මළසිරුරේ මුව තුළට කාසි කිහිපයක් දැමුවේ මළමිනිසා එම ගංගාව වෙත ගෙන යන තොටියාගේ ගෙවීම වශයෙනි.