×

දින දෙකක් තුළ ඔස්ට්‍රේලියාවේ වවුලන් 23000ක් මිය ගිහින්

පළතුරු වවුලාට සෙල්සියස් අංශක 42කට වැඩි උණුසුමක් දරා ගත නොහැකි වීම හේතුවෙන් මෙසේ විශාල වවුල් ගහණයක් මිය යන්නට ඇති බවට උපකල්පනය කෙරේ.


පසුගිය නොවැම්බරයේ දින දෙකක් තුළ ඔස්ට්‍රේලියාවේ වවුවුල් විශේෂයක තුනෙන් එක්වරම මිය ගෝස් ඇත. ඒ අනුව පසු ගිය නොවැම්බරයේ 26 හා 27 වන දින වවුලන් 23000ක් පමණ මිය ගොස් ඇති බවට අනාවරණය වී ඇත.

මේ පිළිබදව පවත්වන ලද පර්යේෂණ වාර්ථා මේ වන විට එළැ දැක්වා ඇති අතර පළතුරු වවුලාට සෙල්සියස් අංශක 42කට වැඩි උණුසුමක් දරා ගත නොහැකි වීම හේතුවෙන් මෙසේ විශාල වවුල් ගහණයක් මිය යන්නට ඇති බවට උපකල්පනය කෙරේ.

ඔස්ට්‍රේලියාවේ ඇතැම් නගර වල තැන් තැන්වල උද්‍යාන , පිහිණුම් තටාක , නිවෙස් ඉදිරිපිට එක් වරම මෙම වවුලන් මිය ගෝස් වැටී සිටිනු දැක ගත හැකි වී ඇති අතර ඒ හේතුවෙන් සියල්ලන්ම භීතියට හා පුදුමයට පත් වී ඇත.

මේ පිළිබදව උෂ්ණත්වය හැරෙන්නට වෙනත් හේතූන්ද විවිද පුද්ගලයන් විසින් ඉදිරිපත් කරන ලදී.

කෙසේ වෙතත් ඔස්ට්‍රෙලියාව තුළ මෙම වවුල්වර්ගයට අයත් වවුලන් ප්‍රමාණය 75000 පමණ වන අතර මෙම සිදුවීමෙන් 30000ක් පමණ මිය ගොස් ඇති බව පර්යේෂක ආචාර්ය ජස්ටින් වෙල්බර්ගන් පවසයි.

මින් පෙර උෂ්ණත්වය වැඩි වූ අවස්ථාවල මෙවැනි තත්ත්වයන් වාර්තා නොවීමත් පසුගිය වසරේදී එසේ වාර්ථාවීමත් හේතුවෙන් මෙතරම් ප්‍රමාණයක් වවුලන් මිය යෑමට දේශ ගුණික විපර්යාසයන්ද බලපාන්නට ඇතැයි විශේෂඥයින් පෙන්වා දෙයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි