×

දින 25කට පසු ඉන්දියාවට පුංචි අස්වැසිල්ලක්!

දින 25කට පසු ඉන්දියාවේ දෛනික කොවිඩ් ආසාදිතයින් වාර්තා වීමේ අඩුවක් පෙන්නුම් කර තිබේ.


අඛණ්ඩව දෛනික ආසාදිතයින් තුන් ලක්ෂයේ සීමාව පසුකරගෙන ගිය අතර ගෙවුණු පැය 24ක කාලය තුළ එරටින් වාර්තා වී තිබුණේ නව ආසාදිතයින් 281,386කි.

කෙසේවෙතත් මෙය අඛණ්ඩ අඩුවීමක් ලෙස තවමත් ගණන් බලා නොමැති අතර ඉන්දියාවට බලපා තිබෙන ටෝක්ටේ සුළි කුණාටුව හේතුවෙන් මතුව තිබෙන කාළගුණ බාධා නිසා තත්ත්වය වෙනස් විය හැකි බවද පුරෝකථනය කර ඇත.

මේ වන විට එරටින් සමස්ත ආසාදිතයින් 24,965,463ක් වාර්තා වී තිබෙන අතර සමස්ත මරණ 274,390ක් ලෙස දැක්වෙයි.

පසුගිය අප්‍රේල් 28 සිට දෛනිකව මරණ සීමාව 3000 ඉක්මවා පැවතුණි.

ඊයේ දිනයේදී ද එරටින් කොවිඩ් මරණ 4106ක් වාර්තා වී ඇත.

කෙසේවෙතත් එන්නත්කරණ වැඩපිළිවෙලද අඛණ්ඩව ක්‍රියාත්මක අතර මේ වන විට එන්නත් මිලියන 182.9 ක් ලබා දී ඇති අතර ඊයේ දිනයේදී පුද්ගලයින් 691,211 ක් මාත්‍රාව ලබාගෙන ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ASK for LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි