×

දිල්ලියට ශතවර්ෂයකින් ශීතලම දෙසැම්බරය අදයි!

අද (දෙසැම්බර් 30) ඉන්දියාවේ නවදිල්ලි නුවරින් වාර්තා වූයේ සෙල්සියස් අංශක 9.4 ක උපරිම උෂ්ණත්වයකි.


දෙසැම්බර් මාසයේදී මෙතරම් ශීතලක් ඉන්දියාවෙන් මීට පෙර වාර්තා වූයේ 1901 වර්ෂයේදී ය.

අද දෛනික උෂ්ණත්වය වෙනදා උණුසුම මෙන් දළ වශයෙන් භාගයක් පමණ විය.

ආයා නගර් හිදී අද දින පරිසර උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 7.8 ක් වූ බව ද වාර්තා වේ.

අවම උෂ්ණත්වය ලෙස සෙල්සියස් අංශක 2.4 ක් ද පසුගිය සෙනසුරාදා වාර්තා විය.

මේ වන විට නවදිල්ලි අගනුවර වසර 22 කින් මුහුණ දෙන දරුණුම ශීත සෘතුවට ගොදුරු වී සිටියි. එම තත්වය තවත් දරුණු වී තිබෙන්නේ දැනට සති 2 ක පමණ කාලයක පටන් ශීත වායු ධාරාවක බලපෑමට එය හසුව ඇති නිසා ය.

අද දින උදෑසන පටන් දිල්ලිය විශාල මීදුම් දුමාරයකට ද හසුවූ අතර, ගුවන් යානා ගමන් වාර 200 ක් පමණ අවලංගු කිරීමට සිදුව තිබිණි.

Cover Photo: PTI



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි