×

දිල්ලියේ වායු දුෂණය අවදානම් මට්ටමක

මෙම තත්වය ඇති වීමෙන් පසු වායු තත්ත්ව කළමනාකරණය සඳහා වන දිල්ලි කොමිසම විසින් රැස්වීමක් කැඳවා හදිසි පියවර ප්‍රකාශයට පත් කරන ලදී.


සිග්‍රයන් ඉහළ යමින් පවතින වායු දූෂණ තත්වය මධ්‍යයේ ඉන්දියාවේ දිල්ලි අගනුවර බලධාරීන් විසින් සියලුම පාසල් සහ අධ්‍යාපන ආයතන දින නියමයක් නොමැතිව වසා දමා ඇත.එමෙන්ම නොවැම්බර් 21 දක්වා ඉදිකිරීම් කටයුතු ද තහනම් කර ඇති නමුත් ප්‍රවාහන හා ආරක්ෂක සම්බන්ධ ව්‍යාපෘති සඳහා එය බල පවත්නෙ නොමැත.පසුගිය දීවාලි උත්සවයේ සිට විෂ සහිත මීදුමකින් දිල්ලිය ආවරණය වි තිබෙනු විදෙස් මාධ්‍ය වාර්තා කරන්නට විය.

එමෙන්ම මේ වන විට නගරයේ ඇති ගල් අඟුරු බලාගාර 11න් ක්‍රියාත්මක වීමට අවසර දී ඇත්තේ පහකට පමණි.මිනිසුන්ගේ පෙනහළු අවහිර කළ හැකි කුඩා වායුමය අංශු ,ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ආරක්ෂක මාර්ගෝපදේශවලට වඩා දිල්ලියේ මෑතක සිට බෙහෙවින් වැඩි ය. නගරයේ ප්‍රදේශ කිහිපයක පසුගිය අඟහරුවාදා සිට මෙම වායු දුෂණය නිසාවෙන් සමහර පාසල් පසුගිය සතියේ සිටම වසා දමා තිබූ අතර දිල්ලි බලධාරින් පැවසුවේ දුමාරයේ ඝන වලාකුළු තත්වය නගරය ආවරණය කර ඇති බැවින් වාතයේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම සඳහා අගුලු දැමීමක් පිළිබඳව තීරණය කරන බවයි.

වාහන සහ කාර්මික විමෝචන, දූවිලි සහ කාලගුණ රටා වැනි සාධක නිසා දිල්ලිය ලෝකයේ වඩාත්ම දූෂිත අගනුවර බවට පත් කර ඇත. අසල්වැසි ප්‍රාන්තවල ගොවීන් බෝග පිදුරු පුළුස්සා දැමීම නිසා ශීත මාසවලදී වාතය විශේෂයෙන් විෂ සහිත වේ. ඒ සමගම සිදු වන දීවාලි උත්සවයේ ගිනිකෙළි දුමාරය වාතයේ ගුණාත්මක භාවය නරක අතට පත් කර ඇත. සෑම වසරකම ශීත ඍතුව ළං වන විට, දිල්ලියේ ජීවත් වන බොහෝ දෙනෙකුට මෙම අත් දැකිමට මුහුණ දීමට සිදු වේ.

මෙම තත්වය ඇති වීමෙන් පසු වායු තත්ත්ව කළමනාකරණය සඳහා වන දිල්ලි කොමිසම විසින් රැස්වීමක් කැඳවා හදිසි පියවර ප්‍රකාශයට පත් කරන ලදී.

කොමිසම විසින් ප්‍රකාශයට පත් කරන ලද අනෙකුත් ක්‍රියාමාර්ග අතර, අත්‍යවශ්‍ය භාණ්ඩ රැගෙන යන ඒවා හැර, දිල්ලි සහ අසල්වැසි උත්තර් ප්‍රදේශ්, පන්ජාබ්, හර්යානා සහ රාජස්ථාන් යන ප්‍රාන්තවලට නොවැම්බර් 21 දක්වා රථවාහන ඇතුළුවීම තහනම් කිරීම ද ඇතුළත් වේ.එම කොමිසම විසින් දිල්ලි සහ අනෙකුත් ප්‍රාන්තවලට වාහන විමෝචනය සහ දූවිලි මට්ටම් අඩු කිරීම සඳහා ඔවුන්ගේ සේවකයින්ගෙන් 50% කට නිවසේ සිට වැඩ කිරීමට ඉඩ දෙන ලෙස පුද්ගලික කාර්යාලවලට “දිරිමත්” කරන ලෙස ද උපදෙස් දි ඇත.

ඉන්දියාවේ පරිසර දූෂණ ගැටලුව දිල්ලියට පමණක් සීමා වූවක් නොවේ.ඉන්දියානු නගර සාමාන්‍යයෙන් ගෝලීය දූෂණ ශ්‍රේණිගත කිරීම්වල ඉහළින් සිටින අතර දුෂිත වාතය නිසා සෑම වසරකම මිලියනයකට වඩා මිනිසුන් මිය යන බව එක්සත් ජනපද පර්යේෂණ කණ්ඩායමක් වන චිකාගෝ විශ්ව විද්‍යාලයේ බලශක්ති ප්‍රතිපත්ති ආයතනය (EPIC) පවසයි. උතුරු ඉන්දියාව “ලෝකයේ වෙනත් ඕනෑම තැනක ඇති පරිසර දූෂණයට වඩා 10 ගුණයක් නරක මට්ටමේ පවති.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි