×

දිලිප් කුමාර් සමුගනී

මිය යන විට ඔහු 98වන වියේ පසුවිය.


හින්දි සිනමාවේ ප්‍රවීණ රංගන ශිල්පියෙකු වූ දිලිප් කුමාර් මහතා අභවප්‍රාප්ත වී තිබේ.

මුම්බායිහි හින්දුජා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇත. ස්වසන අපහසුතාවක් හේතුවෙන් ඔහු නේවාසිකව ප්‍රතිකාර ලබාගනිමින් සිට ඇත.

ජුනි මාසයේදී ද ඔහුගේ අසනීප තත්වය හේතුවෙන් රෝහල්ගත කර සිටි බව පැවසේ.

සම්මානනීය රංග ධරයෙකු වූ දිලිප් කුමාර් හින්දි සිනමාවේ යුගයක් නියෝජනය කළේය. දේව්දාස්, ගංගා ජමුනා, මදුමතී ඇතුළු සිනමාපට රැසකට දායක විය. හින්දි සිනමාවේ ශෝකත්ම රජු ලෙසින් ඔහු හැඳින්විණි.

මිය යන විට ඔහු 98වන වියේ පසුවිය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි