×

දෙවැනි කොරෝනා මරණයත් ඇමරිකාවෙන් වාර්තා වෙයි

පළමු කොරෝනා මරණය වාර්තා වී දින 2 ක් ඇතුළත දෙවැනි කොරෝනා මරණයත් ඇමරිකාවෙන් වාර්තා වේ. ඇමරිකාව පුරා දැඩි මුහුණු ආවරණ හිඟයක්


ඇමරිකාවේ වොෂින්ටන් හි කිං කන්ට්‍රි ප්‍රදේශයෙන් දෙවැනි කොරෝනා මරණය ද අද වාර්තා විය.

කොවිඩ් – 19 හෙවත් නොවෙල් කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා මෙසේ මිය ගොස් තිබෙන්නේ 70 හැවිරිදි පිරිමි අයෙකි. රෝහල්ගත කර දිනකට පසුව ඔහු මරණයට පත්ව තිබේ.

ඊයේ දිනයේ ඇමරිකාවේ කැලිෆෝනියා ජනපදයෙන් නව කොරෝනා රෝගීන් 5 දෙනෙකු හඳුනා ගත් බව ද මේ අතර වාර්තා වේ. ඒ අතරින් දෙදෙනෙකු සෞඛ්‍ය සේවකයන් ය.

කොරෝනා පරීක්ෂණ උපකරණවල දෝෂයක්ද?

මේ අතර, ඇමරිකාවේ රෝග පාලන මධ්‍යස්ථානය විසින් නිපදවා බෙදා හරින ලද පළමු වටයේ රෝග පරීක්ෂණ මෙවලම් කට්ටලවල (COVID-19 test kits) දෝෂ තිබේදැයි සොයා බැලීම සඳහා මේ වන විට විමර්ශනයක් ද ආරම්භ කර තිබේ.

ඇමරිකාව පුරා මුහුණු වැසුම්වල හිඟයක්

ඇමරිකාවේ ජනපද ගණනාවක රෝගය හිස එසවීමත් සමග කොරෝනාවලින් බේරීම සඳහා අනිවාර්ය කර ඇති මුහුණු වැසුම් (මාස්ක්)වල දැඩි හිඟයක් ද නිර්මාණය වී ඇති බව සීඑන්එන් පුවත් සේවය ප්‍රකාශ කරයි.

සෞඛ්‍ය සම්පන්න පුරවැසියන් මුහුණු වැසුම් පැළඳීමට අවශ්‍ය නොවේ යැයි ඇමරිකානු රජය දිගින් දිගටම ප්‍රකාශ කළත්, මුහුණු වැසුම් නිපදවන සමාගම් පවසන්නේ තමන්ට ඉල්ලුමට සරිලන පරිදි නිපැයුම් සැපයීමට නොහැකි වී ඇති බවයි.

 

 

Cover Photo: Frank Riedo, Medical Director of Infection Control at Evergreen Health Hospital, speaks at a press conference following the first death of a King County resident due to novel coronavirus on February 29. A second death was confirmed in King County on March 1. Jason Redmond/AFP/Getty Images



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි