×

දෙවැනි කොවිඩ් රැල්ල වළක්වා ගැනීම සඳහා අද රාත්‍රී 10 සිට එක්සත් රාජධානියට ඇඳිරි නීතිය !

දෙවැනි කොවිඩ් - 19 රැල්ල වළක්වාගැනීම සඳහා අද රාත්‍රී 10 සිට දිනපතා - රටපුරා ඇඳිරි නීතිය පැනවීමට එක්සත් රාජධානිය බොහෝ දුරට තීරණය කිරිමට නියමිත ය.


ඒ අනුව මුල් පියවර වශයෙන් රාත්‍රී 10 සිට 11 දක්වා පිටතට යාම සම්පූර්ණයෙන් තහනම් වනු ඇත. මේ අතර බෝල්ටන් සහ බ්‍රැඩ්ෆෝට් වැනි පළාත්වල රාත්‍රී 10 සිට අළුයම 5 දක්වා සියලු කඩසාප්පු වසා තබන ලෙසත් නියෝග කිරීමට නියමිත ය.

විශේෂයෙන්ම තරුණ ප්‍රජාව රාත්‍රී කාලයේ පිටතට යාම වැළැක්වීම මෙහි අරමුණ බවට පත්ව තිබේ.

ඒ අනුව මේ වන විට ඇතිවී තිබෙන දෙවැනි කොවිඩ් රැල්ලේ අවදානම අවම කර ගැනීමට අපේක්ෂිත ය.

මීට පෙර බෙල්ජියම, හොංකොං සහ දකුණු කොරියාව වැනි රටවල ද කොවිඩ් වසංගතය පැතිරීමේ අවදානම අඩු කර ගැනීම සඳහා මෙම ක්‍රමය භාවිතා කළ බව ඔවුහු පෙන්වා දෙති.

ගිම්හාන සමය උදා වන විට යුරෝපයේ දෙවැනියට විශාලතම කොවිඩ් අවදානම තිබූ රට වූයේ බෙල්ජියමයි. නමුත් ඇඳිරි නීතිය පැනවීමත් සමග ඔවුන්ට මේ වන විට තත්වය පාලනය කර ගත හැකි වී තිබේ.

මේ අනුව එක්සත් රාජධානියේ මීළඟ කොවිඩ් රැල්ල නතර කර ගැනීමේ පූර්වාදර්ශය බවට පත් වනු ඇත්තේ බෙල්ජියමයි.

ප්‍රංශය සහ ස්පාඤ්ඤය මෙන්ම එක්සත් රාජධානිය ද තවම කොවිඩ් අවදානමෙන් මිදී නැත. මේ වන විට මරණ 41594 ක් සහ ආසාදිතයන් 355219 ක් එරටින් වාර්තා වී තිබේ.

පහත වගුවෙන් දැක්වෙන්නේ ජූලි මාසය වන විට අවම වී තිබූ එක්සත් රාජධානියේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වන විට නැවතත් සීඝ්‍ර වැඩිවීමක් පෙන්නුම් කරන ආකාරයයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි