×

දේශගුනික විපර්යාශයන් ඇති විම ගැන තරුණ තරණියන්ගෙන් චෝදනා

මෙම සමීක්‍ෂණය සිදු කළේ එක්සත් රාජධානිය, ෆින්ලන්තය, ප්‍රංශය, එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, පෘතුගාලය, බ්‍රසීලය, ඉන්දියාව, පිලිපීනය සහ නයිජීරියාව යන රටවල් ඇසුරිනි.


දේශගුණික විපර්යාසයන් පිළිබඳව බොහෝ තරුණ තරුනියන් තුළ ඇති වන කණගාටුව පිලිබදව දත්ත කිහිපයක් නව ගෝලීය සමීක්‍ෂණයකින් පසුගියදා පැහැදිලි කෙරිනි.

ඉන් 60% කට ආසන්න ප්‍රමාණයක් කියා සිටියේ තමන්ට දැඩි කනස්සල්ලක් මේ පිලිබඳව දැනෙන බවයි.

ප්‍රශ්න කළ අයගෙන් 45% කට වැඩි පිරිසක් කියා සිටියේ දේශගුණය පිළිබඳ තත්වයන් ඔවුන්ගේ දෛනික ජීවිතයට බලපාන බවයි.ඔවුන්ගෙන් හතරෙන් තුනක්ම කියා සිටියේ අනාගතය පිළිබඳව බියජනක හැගිමක් තමන්ට පවතින බවත්ය.ඉන් අඩකටත් වඩා (56%) වැඩි පිරිසක් පවසන්නේ මනුෂ්‍යත්වය විනාශ වෙමින් පවතින් බවත්ය.මෙ නිසා නව යොවුන් බොහෝ දෙනෙකුට බිය, කෝපය, බලාපොරොත්තු සුන්වීම, පිලිබඳව හැගිම් පවති.

රටවල් 10 ක සමීක්‍ෂණය මෙහෙයවනු ලැබුවේ බාත් විශ්ව විද්‍යාලය විසින් සෙසු විශ්ව විද්‍යාල පහක් සමඟ සහයෝගය ඇතිවයි. මෙම සමික්ෂණයට අරමුදල් සපයනු ලබන්නේ ආවාස් ව්‍යාපාරය සහ පර්යේෂණ කණ්ඩායම විසිනි. අවාස් යනු දේශගුණික විපර්යාස , මානව හිමිකම් , සත්ව අයිතිවාසිකම් , දූෂණය, දුප්පත්කම සහ ගැටුම් වැනි කරුණු පිළිබඳව ගෝලීය ක්‍රියාකාරකම් ප්‍රවර්‍ධනය කරන 2007 ජනවාරි මස ආරම්භ කරන ලද එක්සත් ජනපදය පදනම් කරගත් ලාභ නොලබන සංවිධානයකි .ඔවුන්ගේ මෙම නවතම සමික්ෂනය සඳහා වයස අවුරුදු 16 ත් 25 ත් අතර වයස් පුද්ගලයින් 10,000 කගේ ප්‍රතිචාර රැස් කරගෙන තිබේ.

මෙම සමීක්‍ෂණය සිදු කළේ එක්සත් රාජධානිය, ෆින්ලන්තය, ප්‍රංශය, එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, පෘතුගාලය, බ්‍රසීලය, ඉන්දියාව, පිලිපීනය සහ නයිජීරියාව යන රටවල් ඇසුරිනි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි