×

ධවල මන්දිරයටත් හෙණ වදියි.

එක්සත් ජනපදයේ සාමාන්‍යයෙන් වසරකට අකුණු මරණ 16 ක් පමණ සිදුවන බව වාර්තා වේ.


ධවල මන්දිර සංකීර්ණය වට කර ඇති ගසකට අකුණු සැර වැදීමෙන් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් එක් අයෙකු බරපතල, ජීවිතයට තර්ජනයක් වන තුවාල වලින් පීඩා විඳින බව  ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

ඇමරිකානු ගිණි නිවීමේ ඒකකය විසින් අනතුරට ලක්වූවන් වෙනුවෙන් අවශ්‍ය කඩිනම් ප්‍රතිකාර ලබා දී රෝහල් වෙත යොමු කරන ලදි. මෙම අනතුරත් සමඟ Lafayette Square උද්‍යානයේ කොටසක් වසා දමා හදිසි සේවා වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන බව පැවසේ.

Lafayette Square යනු ධවල මන්දිරයට උතුරින් අක්කර හතක පොදු උද්‍යානයකි. එය බොහෝ විට නිරන්තරයෙන් අමුත්තන්ගෙන් පිරී ඇති අතර ජාතික කාලගුණ සේවය බ්‍රහස්පතින්දා සවස ප්‍රදේශයට ගිගුරුම් සහිත වැසි පිළිබඳ අනතුරු ද අඟවා තිබිණ. ජාතික අකුණු ආරක්ෂණ කවුන්සිලයේ විශේෂඥයෙකු වන ජෝන් ජෙන්සෙනියස් පවසන පරිදි එක්සත් ජනපදයේ සාමාන්‍යයෙන් වසරකට අකුණු මරණ 16 ක් පමණ සිදුවන බව මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.

සශිකලා මධුෂාණී_

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි