×

නත්තල මවිත කර සැන්ටාගේ ‍අවශේෂ හමුවේ!

නත්තලට සැබෑම පුවතක් ගෙනෙන්නට නත්තල් සීයාගේ ජීවිත කතාවට හැකිව තිබේ.


මෙතෙක් නත්තල් සීයා පොඩිත්තන්ට සතුට ගෙනාවේ ඔවුන් මවිත වන තෑගි බෝග ලබා දීමෙන්ය. නමුත් මෙවර නත්තලට සැබෑම පුවතක් ගෙනෙන්නට නත්තල් සීයාගේ ජීවිත කතාවට හැකිව තිබේ. ඒ ඔහුගේ චරිතය ලෝකයට හදුන්වා දුන් සැබෑ නත්තල් සීයා වන 4 වන සියවසේ ජීවත් වූ නිකොලස් ශාන්තුවරයාගේ ශරීරයේ අස්ථි කොටස් හදුනා ගැනීමට එක්සත් රාජධානියේ ඔක්ස්පර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් සමත් වී තිබීමත් සමගිනි. ඒ අනුව ඔවුන් හදුනා ගෙන ඇත්තේ සෙන්ට් නිකොලස් දේවගැතිවරයාගේ උකුල් ප්‍රදේශයේ අස්ථි කොටසකි. වසර ගණනාවකට ඉහතදී ඉතාලියේ බොහොමයක් කිතුණු දේවස්ථාන අතර නිකොලස් ශාන්තුවරයාගේ පන්සියයකට ආසන්න අස්ථි කොටස් බෙදී ගොස් ඇතැයි පැවසේ.

 නත්තලට සැබෑම පුවතක් ගෙනෙන්නට නත්තල් සීයාගේ ජීවිත කතාවට හැකිව තිබේ

 ඒ අතර එම අස්ථි කොටස් සැබෑවටම නත්තල් සීයාගේමද යන්න හා සෙසු අස්ථි කොටස් ඇත්තේ කොහේ දැයි සොයා ගැනීම මේ වන විට ගැටළුවක් වී ඇති අතර තුර්කි පුරාවිද්‍යාඥයින් පවසා සිටියේ ඉතාලියේ දේවස්ථානවල ඇතැයි කියන අස්ථි කොටස් වෙනත් පූජකයෙකුට අයත් බවයි.

මේ අනුව සිදු කරන ලද නවතම පර්යේෂණ වලට අදාළව සිය අදහස් දැක්වූ එහි ප්‍රධානී ටොම් හයිහැම් පවසා සිටින්නේ තමන් විසින් පර්යේෂණ සිදු කරනු ලැබූ බොහෝ ඓතිහාසික පර්යේෂණවලදී අදාළ සොයාගැනීම් සිදුකළ කලාපය හා ඒවා අයත් කාලයන් සම්බන්ධ විවිධ කරුණු සාකච්ඡා වෙමින් තිබුණද මෙවර කළ පර්යේෂණ මගින් ශාන්ත නිකොලස්ගෙ දේව ගැතිවරයාගේ අස්ථි කැබලි නිශ්චිතව තහවුරු කර ගත හැකි වූ බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි