×

නන්නාඳුනන ඩ්‍රෝණ දෙකක් නිසා එංගලන්තයේ ගුවන් තොටුපලක් දින 3ක් තිස්සේ ක්‍රියා විරහිත වේ.

මෙම තත්ත්වය හේතුවෙන් පසු ගිය බදාදා රාත්‍රිය වන විට ගුවන් මගීන් 10000ක් දෙනාගේ ගුවන් ගමන් අවලංගු වූ අතර බ්‍රහස්පතින්දා වන විට 120000ක් දෙනාගේ ගුවන් ගමන් අවලගු විය.


දින 3ක් තිස්සේ එංගලන්තයේ ගැට්වික් ගුවන් තොටුපල ක්‍රියා විරහිත වී තිබූ අතර සියළු ගවන් ගමන් අඩාල වී තිබුණි. ඊට හඳුනා ගත නොහැකි අයෙක් විසින් ක්‍රියාත්මක කර තිබූ ඩ්‍රෝණ දෙකක් ගුවන් පථයන් හරහා ගුවන් යානා සඳහා බාධා කිරීම මෙයට හේතුව වී තිබිණි.
ආරක්ෂක අං‍ශ දිණ තුනක් පුරා මෙම ඩ්‍රෝණ යාත්‍රා මෙහෙයවන්නේ කවුරුන්දැයි සොයා මෙහෙයුම් කළ මුත් තවමත් හඳුනා ගත නොහැකිව තිබෙන මුත් මේ වන විට ගුවන් තොටුපළ නැවත ක්‍රියාත්මක කරන්නට බලධාරීන්ට හැකිව තිබේ.


නමුත් ගැටළුව වී ඇත්තේ නැවතත් මෙම තත්ත්වය ඇතිවීමේ අවධානමක් පවතිනවාද යන්නයි ?මන්ද තවමත් මෙම ක්‍රියාව කරනු ලැබුවේ කවුරුන්දැයි යන්න හඳුනා ගැනීමට ආරක්ෂක අංශ අසමත් වීමත් සමගිනි.
ගුවන් තොටුපල බලධාරීන් ප්‍රතාශ කර සිටියේ ගුවන් තොටුපළ අද දින නැවතත් විවෘත කළද හොට දින සිට එය නැවත වසා දමන්නට අවස්ථාව ඇති බවයි.

මෙම තත්ත්වය හේතුවෙන් පසු ගිය තෙදින පුරා ගුවන් තොටුපලට පැමිණි ගුවන් මගීන් දහසක් දෙනා ට අපහසුතාවට ලක්වන්නට සිදු වූ අතර ඔවුන්ගෙන් බොහෝමයක් දින තුන පුරාම රැඳීසිටියේ ගුවන් තොටුපළ තුළයි.


මේ සම්බන්ධව ප්‍රකාශයක් නිකුත් කළ එරට ප්‍රවාහන ලේකම් වරයා පැවසුවේ මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක් යැයි සිතන්නට තරම් සාක්ෂි නොමැති බවයි. මෙම තත්ත්වය මෙතෙක් ලොව කිසිම තැනක සිදු නොවූ තත්ත්වයක් බවද ඔහු ප්‍රකාශ කර සිටියේය.

මෙම තත්ත්වය හේතුවෙන් පසු ගිය බදාදා රාත්‍රිය වන විට ගුවන් මගීන් 10000ක් දෙනාගේ ගුවන් ගමන් අවලංගු වූ අතර බ්‍රහස්පතින්දා වන විට 120000ක් දෙනාගේ ගුවන් ගමන් අවලගු විය. මෙම මෙහෙයුම සඳහා පොලිස් ඒකක 20ක් යොදවන ලද අතර ගුවන් පථය වසා දැමූ පසුද මෙම ඩ්‍රෝණ යාත්‍රා 50 වරක් පමණ එහි සැරි සරණ දැකිය හැකි වී ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි