×

නයිජීරියාවේ සිය ගැහැණු දරුවන් ඉල්ලා හඬන අම්මාවරුන්ගේ විලාපය.

මේ වන විට තම දරුවන් නිදහස් කර ගැනීම සඳහා කොල්ලකරුවන් ඉල්ලා සිටින මුදල් ගෙවීමට දෙමාපියන්ට සිදුව තිබේ. අන්තවාදී සටන්කාමීන් වෙනුවෙන් අහිංසක ජීවිත වලට වන්දි ගෙවීමට සිදුව ඇත. 


නයිජීරියාවේ මින් වසර අටකට පෙර පැහැරගනු ලැබූ දැරියන් දෙදෙනකු සොයා ගෙ තිබේ. ඔවුන් දෙදෙනා වහල් සේවයේ යොදවා තිබූ අතර පැහැර ගැනීමට ලක්වූ එක් දැරියකට දරුවකු සිටින අතර අනෙක් දැරියට දරුවන් දෙදෙනකු සිටින බව පැවසේ. පසුගිය සඳුදා දින (25) ඊසානදිග නයිජීරියාවේ අන්තවාදීන්ට එරෙහි හමුදා මෙහෙයුම් අතරතුර මෙම කාන්තාවන් දෙදෙනාසොයාගෙන ඇති අතර මොවුන් මේ වන විට හමුදා වෛද්‍ය මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබමින් සිටින බව රජය විසින් නිවේදනය කර තිබේ.
මෙලෙස ගැහැණු දරුවන් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් ඉස්ලාම් ආගමට හැරවීමට සහ කණ්ඩායමේ සටන්කරුවන් සමඟ විවාහ වීමට අන්තවාදීන් බල කරන පැහැර ගැනීම්වලට පත් දැරියන් පාපොච්චාරණය කර ඇත.

2014 වසරේදී බොකෝ හරාම් සටන්කාමීන් විසින් නයිජීරියාවේ ඊසානදිග චිබොක් නගරයේදී ඉස්ලාම්වාදීන් ගැහැණු ළමයින් 300 කට ආසන්න ප්‍රමාණයක් ඔවුන්ගේ පාසල් නේවාසිකාගාරයේ සිටය දී පැහැරගනු ලැබීය. ඉන් 57 දෙනෙකු බොහෝ දුරට ලොරිවලින් පැන පඳුරුවලට දිව යාමෙන් බේරීමට සමත් වූ අතර තවත් කිහිප දෙනෙක් වසර ගණනාවක් පුරා පැන යාමට සමත් වූහ. 2016 සහ 2018 අතර, නයිජීරියානු රජය විසින් සටන්කාමීන් සමඟ සාකච්ඡා පවත්වා වින්දිතයන්ගෙන් 103 දෙනෙකු නිදහස් කර ගැනීමට සමත් විය. Bring Back Our Girls ප්‍රචාරක කණ්ඩායම පවසන්නේ 100ක් පමණ තවමත් අතුරුදන්ව ඇති බවයි.

සාකච්ඡාවලින් නිදහස් වූ චිබොක් දැරියන් වෙනුවෙන් නයිජීරියානු රජය බොකෝ හරාම් වෙත ඩොලර් මිලියන 3.3ක් ගෙවා ඇති බව වාර්තා වේ. මෑත කාලීන පාසල් පැහැරගැනීම්වලට රජයේ මැදිහත්වීම අඩු මට්ටමක දක්නට ලැබෙන අතර මේ වන විට තම දරුවන් නිදහස් කර ගැනීම සඳහා කොල්ලකරුවන් ඉල්ලා සිටින මුදල් ගෙවීමට දෙමාපියන්ට සිදුව තිබේ. අන්තවාදී සටන්කාමීන් වෙනුවෙන් අහිංසක ජීවිත වලට වන්දි ගෙවීමට සිදුව ඇත.

ජාත්‍යන්තර මාධ්‍ය නිවේදනය කරන්නේ ඊසානදිග නයිජීරියාවේ දීර්ඝ කාලීන ජිහාඩ් කැරැල්ලක් හේතුවෙන් 40,000 ක් මිය ගොස් මිලියන 2.2 ක් අවතැන් වී ඇති බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි