×

නවතම ඇපල් දුරකතන මාදිලිය iPhone 14 – වටිනාකම ලක්ෂ 04 යි

iPhone 14 ඊයේ වෙළඳපොලට හඳුන්වා දීම සිදු කෙරිණි.


ඇපල් සමාගමේ නවතම දුරකතන මාදිලිය වන iPhone 14 ඊයේ වෙළඳපොලට හඳුන්වා දීම සිදු කෙරිණි.
ඇපල් සමාගම අලුතෙන් හඳුන්වා දෙන සෑම දුරකතන මාදිලියක් සඳහාම නව තාක්ෂණික අංගද හඳුන්වා දෙන අතර මෙවර ඔවුන්ගේ හඳුන්වාදීම චන්ද්‍රිකා තාක්ෂණය පදනම් කරගත් SOS පණිවුඩ සේවාවයි. කෙසේ නමුත් මෙම තාක්ෂණය දැනට භාවිතා කළ හැක්කේ ඇමරිකාව සහ කැනඩාව යන රටවල පමණි.

මීට අමතරව මෙගාපික්සල් 48 ක කැමරාවකින්ද iPhone 14 සමන්විත වේ.
මෙම දුරකතන මාදිලිය වෙළඳපොලට හඳුන්වා දීම ‘ෆා අවුට්’ ලෙස නම්කර තිබූ අතර ඇපල් සමාගමේ වෙබ් අඩවිය හරහා එය සජීවීවි විකාශය කළේය.

iPhone 14 මෙරට මිල ගණන් මේ වනවිට ප්‍රකාශයට පත්කර ඇති අතර iPhone 14 රුපියල් 337,000 ක මුදලකටද iPhone 14 Plus දුරකතනය රුපියල් 380,000 ක මුදලකටද මෙරටදී මිලදී ගැනීමට හැකියාව ලැබේ. මීට අමතරව iPhone 14 Pro දුරකතනය රුපියල් 421,000 ක් වන අතර iPhone 14 Pro Max රුපියල් 457,000 ක මිලකට මෙරට තුළ අලෙවිවීමට නියමිතය.

UN



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි