×

නවදිල්ලියේ කාන්තාවන්ට නොමිලේ ප්‍රවාහන සේවය

මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දීය රුපියල් මිලියන 700 ක මුදලක් වැය වන බවද ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කරයි.


නවදිල්ලි අගනුවර ප්‍රධාන අමාත්‍යවරයා විසින් පසු ගිය දා ප්‍රකාශයට පත්කලේ නවදිල්ලිය තුළ සියලු කාන්තාවන් සදහා ප්‍රවාහන ගාස්තු ගෙවිය යුතු නොව බවයි.

ප්‍රධාන අමාත්‍ය අරවින්ද් කෙජ්රිවල් පවසන්නේ පොදු බස් රථ සේවය සහ මෙට්‍රෝ දුම්රිය සේවය කාන්තාවන් සදහා නොමිලේ ලබා ගතහැකි වීම තුළ ඔවුන්ගේ ආරක්ෂාව තව දුරටත් තහවුරු කළ හැකි වනු ඇති බවයි.

කාන්තා දූෂණය ඉහළ අගයක් වාර්ථා වන නගර අතරේ එකක් වන නව දිල්ලියේ 2012 වසරේ බසයක් තුළ ශිෂ්‍යාවක් සමූහ දූෂණයට ලක් කිරීමද ඇතුළු කාන්තා දූෂණ සිදුවීම් අවස්ථා කිහිපයකදී වාර්ථා විය. මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දීය රුපියල් මිලියන 700 ක මුදලක් වැය වන බවද ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කරයි.
මේ පිළිබදව මේ වන විට විශාල කථා බහක් ඇති වී ඇති අතර ඇතැම් පිරිස් මෙම උත්සහය විවේචනය කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි