×

නවසීලන්තයෙන් යළි ආසාදිතයන් හමුවෙයි – ඕක්ලන්ඩ් නගරය ලොක්ඩවුන්

නවසීලන්තයෙන් යළිත් කොවිඩ් 19 ආසාදිතයන් හමු වී තිබෙනවා.


දකුණු නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයෙන් මෙම ආසාදිතයන් තිදෙනා වාර්තා වී ඇති අතර ඒ අනුව ඕක්ලන්ඩ් නගරය හුදෙකලා කිරීමට පියවර ගෙන තිබේ.

ඊයේ රාත්‍රී සිට මෙම තීරණය ක්‍රියාත්මක වන අතර මාසය හයකට පසුව මෙවැනි දැඩි තීරණයකට එළඹීම විශේෂත්වයකි.

ඕක්ලන්ඩ් නගරය සහ අනෙක් ප්‍ර‍දේශ අතර සියලු සබඳතා අත්හිටුවා ඇති අතර නරගයට පිවිසෙන සියලු මාර්ගවල මාර්ග බාධක දමා තිබෙනවා.

ඕක්ලන්ඩ් නගරය තුළ තෙවැනි මට්ටමේ ලොක්ඩවුන් සීමා ක්‍රියාත්මක වන අතර නගරයට ඇතුළුවීම හා නගරයෙන් පිටවීම දැඩිලෙස සීමා කර තිබේ.

මේ අතර එම නගරය හැර රටේ සියලු ප්‍රදේශ සඳහා දෙවැනි මට්ටමේ සීමා පනවා ඇත.

එරට අගමැති ජසින්ඩා අර්ඩෙන් මහත්මිය නගරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ නිවසට වී සිටීමෙන් වෛරසය පැතිර යෑම නතර කිරීමට සහාය ලබාදෙන ලෙසයි.

මෙම පැතිරීම සිදුවන්නේ වැඩි සම්ප්‍රේෂණයක් සහිත නව ප්‍රභේදයක් වියහැකි බැවින් සියලු දෙනා දැඩි විමසිල්ලෙන් පසුවීම වැදගත් වන බවද ඇය පවසනවා.

ආසාදිතයන් බවට හඳුනාගෙන ඇති තිදෙනාම එකම පවුලේ සාමාජිකයන් වන අතර ඔවුන්ට වෛරසය ආසාදනය වූයේ කෙසේද යන්න තවමත් නිශ්චිතව හඳුනාගෙන නොමැත.

ජසින්ඩා අර්ඩෙන් මහත්මිය ප්‍රමුඛ නවසීලන්ත රජය වෛරසයට සාර්ථකව මුහුණදුන් අතර මේ නිසා ලොව බොහෝදෙනාගේ පැසසුම් හිමිවිය.

වෛරසය මර්දනය කිරීම සඳහා එරට රජය මුල සිටම දැඩි තීරණය ක්‍රියාත්මක කළ අතර සෞඛ්‍ය උපදෙස් කඩකළ එරට සෞඛ්‍ය අමාත්‍යවරයාට ඉල්ලා අස්වීමට පවා සිදුවිය.

UN for LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි