×

නවසීලන්තය බලා ගිය පකිස්තානු කණ්ඩායමේ හයකට කොරෝනා

තරග සංචාරයක් සඳහා නවසීලන්තය වෙත ගිය පකිස්තානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් 06 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කරගෙන තිබෙනවා.


කෙසේ වෙතත් ඔවුන් ක්‍රීඩකයන්ද එසේ නැතහොත් කාර්යමණ්ඩලයේ සාමාජිකයන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

පකිස්තානු ක්‍රීඩකයන් ක්‍රයිස්චර්ච් නුවරට පැමිණීමෙන් පසු සිදුකළ පරීක්ෂණයේදී මෙම 06 දෙනාට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු විය.

මෙම තත්වය දෙරට අතර තරගාවලියට දැඩි බලපෑමක් එල්ල නොවනු ඇත. දෙරට අතර තරග තුනකින් සමන්විත 20/20 තරගාවලිය දෙසැම්බර් 18 වැනිදා ආරම්භ වන අතර ඉන් පසු දෙසැම්බර් 26 වැනිදා ටෙස්ට් තරගාවලිය ආරම්භ වේ.

කෙසේ වෙතත් පකිස්තානු කණ්ඩායමේ පුහුණුවීම් ආරම්භ කිරීම කල් දැමීමට සිදු වේ. ඊට හේතුව වී තිබෙන්නේ දින 14 ක නිරෝධායන කාලසීමාවකට යටත් වීමට සිදුවීමයි.

මේ අතර නවසීලන්ත බළධාරීන් පවසන්නේ පකිස්තානු කණ්ඩායම සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම ඇතුළු සෞඛ්‍ය නිර්දේශ කඩකරමින් කටයුතු කරන බවයි. ඒ බව ඔවුන් සීසීටීවී දර්ශන හරහා නිරීක්ෂණය කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් පකිස්තානු කණ්ඩායමේ බළධාරීන් සමග සාකච්ඡා කිරීමට නවසීලන්ත ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබෙනවා.

UN | LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි