×

නවසීලන්ත බර ඉසිලීමේ ක්‍රීඩක ලෝරල් හබාර්ඩ් – ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලද පළමු සංක්‍රාන්ති ලිංගික මලල ක්‍රීඩකයා

වර්තමාන IOC රීති වලට අනුව සංක්‍රාන්තික කාන්තාවකට ටෙස්ටොස්ටෙරෝන් මට්ටම ලීටරයකට නැනෝමෝල් 10 ට වඩා අඩු නම් තරඟ කළ හැකිය


නවසීලන්ත බර ඉසිලීමේ ක්‍රීඩක ලෝරල් හබාර්ඩ්, ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලද පළමු සංක්‍රාන්ති ලිංගික මලල ක්‍රීඩකයා බවට පත්වීමට සූදානමින් සිටී.වයස අවුරුදු 30 කට පෙර පිරිමියෙකු ලෙස උපත ලැබූ නමුත් කාන්තාවක බවට පරිවර්තනය වූ 43 හැවිරිදි ඇය එළඹෙන ටෝකියෝ ඔලිම්පික් උළෙලට පැමිණීමට බලාපොරොත්තුවෙන් පසුවේ.

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට අවශ්‍ය වන සීමාවට වඩා සංක්‍රාන්තික testosterone මට්ටම පෙන්වීමෙන් පසුව පිරිමියෙකු ලෙස තරඟ කළ හබාර්ඩ් කාන්තාවක් ලෙස තහවුරු කරමින් සුදුසුකම් ලබා ඇත.නවසීලන්තයේ ටෝකියෝ ඔලිම්පික් සංචිතය කාන්තා + කි.ග්‍රෑ 87 බර පන්තියට තරග කිරීම ඇයගේ ඉලක්කය වන අතර එම බර පන්තියෙන් ඇය මේ වන විට ලොව 16 වන ස්ථානයට පත්ව සිටී.

2018 දී ගෝල්ඩ් කෝස්ට් හි පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ප්‍රථම සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩිකාව බවට පත්වීමෙන් පසු හබාර්ඩ් මේ වන විටත් ඉතිහාසයට එක්ව සිටි.නවසීලන්ත බර ඉසිලිමේ කණ්ඩායම තවමත් නම් කර නොමැති අතර, කොවිඩ් -19 වසංගතය හේතුවෙන් ජාත්‍යන්තර බර ඉසිලීමේ සම්මේලනය විසින් සකස් කර ඇති නව සුදුසුකම් නිර්ණායකයන් හබඩ් විසින් සපුරාලනු ඇති බවට බලධාරින් අනුමානය කරයි.වර්තමාන IOC රීති වලට අනුව සංක්‍රාන්තික කාන්තාවකට ටෙස්ටොස්ටෙරෝන් මට්ටම ලීටරයකට නැනෝමෝල් 10 ට වඩා අඩු නම් තරඟ කළ හැකිය

(yahooවෙතින්)



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි