×

ඉන්දුනීසියවේ දුපත් සහ අසල්වැසි නැගෙනහිර ටිමෝර්  හි ඇති වූ ගංවතුර හා නායයෑම් හේතුවෙන් පුද්ගලයින් 50ක් මරුට

ධාරානිපාත වර්ෂාවත් සමගින් පිටාර ගැලූ වේලි වලින් ගංවතුර, හේතුවෙන් නිවාස දහස් ගණනක් ජලයෙන් යට වි ඇත.බලපෑමට ලක් වූ ප්‍රදේශය නැගෙනහිර ඉන්දුනීසියාවේ ෆ්ලෝරස් දූපතේ සිට අසල්වැසි රටක් වන නැගෙනහිර ටිමෝර් දක්වා විහිදී තිබේ.


පසුගිය ඉරිදා ඉන්දුනීසියවේ දුපත් සහ අසල්වැසි නැගෙනහිර ටිමෝර්  හි ඇති වූ හදිසි ගංවතුර හා නායයෑම් හේතුවෙන් පුද්ගලයින් 50 දෙනෙකු මියගොස්  ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.ධාරානිපාත වර්ෂාවත් සමගින් පිටාර ගැලූ වේලි වලින් ගංවතුර, හේතුවෙන් නිවාස දහස් ගණනක් ජලයෙන් යට වි ඇත.බලපෑමට ලක් වූ ප්‍රදේශය නැගෙනහිර ඉන්දුනීසියාවේ ෆ්ලෝරස් දූපතේ සිට අසල්වැසි රටක් වන නැගෙනහිර ටිමෝර් දක්වා විහිදී තිබේ.
මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවට නිලධාරීන් අනතුරු ඇඟවයි.ඉන්දුනීසියානු ආපදා අවම කිරීමේ ඒජන්සියේ ප්‍රකාශිකා රාදිත්‍ය ජාති මාධ්‍යයට සඳහන් කර සිටියේ “උප දිස්ත්‍රික්ක හතරකට සහ ගම්මාන හතකට මෙයින් බලපෑම් එල්ල වී ඇති බවයි.නැගෙනහිර ටිමෝර් දුපතේ බලධාරීන් පැවසුවේ එරට ඩිලී අගනුවර ගංවතුරෙන් තවත් 11 දෙනෙකු මිය ගිය බවයි.මෝසම් සමයේදී ඉන්දුනීසියානු දූපත් සමූහය පුරා ගංවතුර හා මාරාන්තික නායයෑම් සිදු වන අතර එය සාමාන්‍යයෙන් නොවැම්බර් සිට මාර්තු දක්වා දිව යයි.
16 වන සියවසේදී නැගෙනහිර ටිමෝරය පෘතුගාලය විසින් යටත් විජිතකරණය කරන ලද අතර 1975 නොවැම්බර් 28 වන දින ස්වාධීන නැගෙනහිර ටිමෝරය ලෙසින් ස්වාධීනත්වය ප්‍රකාශයට පත් කරන තෙක් පෘතුගීසි ටිමෝර් ලෙස හැඳින්විණි.
ඉන් දින නවයකට පසු ඉන්දුනීසියානු හමුදාව විසින් ටිමොරය ආක්‍රමණය කර අත්පත් කර ගන්නා ලදී . එය ඊළඟ වසරේදී ඉන්දුනීසියාවේ 27 වන පළාත ලෙස ප්‍රකාශයට පත් කරන ලදී .1999 දී එක්සත් ජාතීන්ගේ අනුග්‍රහයෙන් ස්වයංපාලන ක්‍රියාවෙන් පසුව ඉන්දුනීසියාව ටිමෝර් භූමිය පාලනය කිරීම අත්හැරියේය.
ටිමෝරය-ලෙස්ටේ ලෙස හැදින්වූ මෙය ,  ස්වෛරී රාජ්‍යයක් ලෙස වර්ෂ 2002 මැයි 20 වන දින සහ 21 වන සියවසේ හා එක්සත් ජාතීන්ගේ සංවිධානයට එක්විය.


#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි