×

නාසි සමූල ඝාතන ගැන 94 හැවිරිදි විශ්‍රාමික සෙබළෙකුගෙන් කඳුළු පිරුණ පාපොච්චාරණයක්

‍බෙහෝ පිරිසක් මරා දැමුණේ ගෑස් කාමර වල සිර කිරීමෙන්, අනෙක් පිරිස වෙඩි තබා හෝ කුස ගින්න නිසා මිය ගියා.. එස් එස් ගාර්ඩ් වරුන් මරා දමන ක්‍රම වේදයන් පිළිබඳව හොඳින් දැන සිටිය‍ා ඔහු සිය ප්‍රකාශයේදී ඉස්මතු කළේය.‍


ඇඩෝල්ෆ් හිට්ලර් යටකේ නාසි හමුදා සෙබළෙකු පසුගියදා නාසි සමූල ඝාතනය පිළිබඳ නඩු විභාගයකදී කඳුළු සැලුවේය.

94 හැවිරිදි මෙම ජර්මන් ජාතික හිටපු නාසි හමුදා නිළධාරියා 1942 වසරේ ජූනි මාසයේ සිට 1944 සැප්තැම්බර් මාසය දක්වා නාසි කඳවුරක සේවය කර ඇත්තේ එස් එස් නිළධාරියෙක් ලෙසයි. පෝලන්තයේ Gdańsk හෙවත් එදා ස්ටට්හෝප් කෑම්ප් ලෙස හැදින් වූ ‍ඔහු සේවය කළ හමුදා කඳවුරේදී මෙම සමූල ඝානය සිදුව ඇත. පසුගිය සඳදා ඔහු සිය නඩු විභාගයට පැමිණියේ රෝද පුටුවකිනි. මෙම නඩුවේ එකම විත්ති කරු වන ඔහු දැඩි රෝගී තත්ත්ව‍යේ සිටියදී ඔහුට විරුද්ධ මෙම නඩු විභාගය ආරම්භ විය. ඔහුට විරුද්ධව චෝදනාව වූයේ නාසි කඳවුරු වල සිටි සිය ගණනක් සිර කරුවන් මරා දැමීම සදහා අනුබල ලබා දීමයි. ඊට අමතරව මෙසේ මිය ගිය සිරකරුවන් අතරට පෝලන්ත ජාකිත සිරකරුවන් සියයකට වඩා ගෑස් කාමර වල සිරි කිරීමෙන් 1944දී මරා දැමූහ.

මෙම ඝාතනයන් සම්බන්ධව වැරදි කරු බවට පතත් වී ඊට අදාල නඩු විමසීමේ පළමු දවසේදීම තම ප්‍රකාශයන් සිදු කරන ගමන් ඔහු සිය කධුලු සිලුවේය.
මෙම සිදුවීම සිදු වන අවස්ථාවේදී ඔහු වයස 18ත් විස්සක් තරම් වූ තරුණයෙකි.

‍බෙහෝ පිරිසක් මරා දැමුණේ ගෑස් කාමර වල සිර කිරීමෙන්, අනෙක් පිරිස වෙඩි තබා හෝ කුස ගින්න නිසා මිය ගියා.. එස් එස් ගාර්ඩ් වරුන් මරා දමන ක්‍රම වේදයන් පිළිබඳව හොඳින් දැන සිටිය‍ා ඔහු සිය ප්‍රකාශයේදී ඉස්මතු කළේය.‍

මුලින්ම 2017 වසරේදී ඔහුට විරුද්ධව චෝදනා කරන විට ඔහු ප්‍රකාශ කර සිටියේ තමන් මෙම කෘර වද කඳවුරු ‍කිසිවක් නොදන්නා බවයි. මේ සම්බන්ධව පුවත් පතක් වෙත ඔහු ප්‍රකාශයක් කරමින් පුවත් පත රැඳවියන් බොහෝ කෘෂ වීමට හේතු විමසා සිටීමේදී කියා සිට ඇත්තේ සියල්ලන්ම ආහාර ‍නොමැතිව පීඩා විඳි බවයි. ඔහුට තව දුරටත් පැවසූයේ එක් සෙබළෙකුගේ නිළ ඇඳුමක් සේවකයන් දෙදෙනෙක්ට සෑහෙන තරමට ඔවුන් කෘෂව සිටි බවය.

ස්ටට්හෝෆ් කෞතුකාගාරය පවසන පරිදි 1939 වසරේදී ඉදි කෙරුණ ස්ටට්හොෆ් කඳවුරේ රැඳවියන් 110000 රඳවා සිටි අතර ඉවන 65000 දෙනා මිය ගෝස් ඇති බව වාර්ථා වේ
විත්තිකරුගේ වයස පිළිබඳව සළකා සෑම නඩු වාරයක්ම පැය දෙකකට පමණක් ඔහුගෙන් ප්‍රශ්න කිරීමට තීරණය කර ඇත.

මෙම 94 හැවැරිදි හිටපු නාසි සෙබළා මෙම චෝදන‍ාවන්ට වරද කරු වුවහෝත් ඉදිරි වසර 15ක් සඳහා සර දඩුවම් ඔහුට හිමි වේ. ඝාතනයන්ගේ සීමාවන් සම්බන්ධව ජර්මනිය තුළ නීති නොමැති බව පවසන නිළධාරීන් තවදුරටක් ප්‍රකාශ කරන්නේ

මෙහෙුට අමතරව මීට පෙරද පුද්ගලයන් දෙදෙනෙකුද එස් එස් නිළාරීන් ලෙස නාසි සමූල ඝාතනයන්ට වැරද ීකරුවන් ලෙස අධිකරණයට කැඳවූ අතර ඔසුකාර් ග්‍රොඑනින්ග් සහ රන්හෝල්ඩ් හැනින්ග් යන අයද සමූල ඝාතන සම්බන්ෂව චෝදනා ලැබූ අතර ඔවුන් සිර ගත කරන්නට පෙර දීම මිය ගියහ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි