×

”නිදහස් අරගලය අද නැවත ඇරඹෙනවා” – හිටපු අගමැති ඉම්රාන් ඛාන්

පාකිස්ථාන ඉතිහාසයේ විශ්වාස භංගයකින් බලය අහිමි වූ පළමු නායකයා බවට පත් වුණේ ඉම්රාන් ඛාන්.


2018 වසරේ පටන් මේ දක්වා බලයේ රැඳී සිටි ඉම්රාන් ඛාන් හට අද දිනයේ පාර්ලිමේන්තු බහුතරය අහිමි වුණා. ආසන 342 න් විපක්ෂය ඡන්ද 174 ක් ලබාගෙන තිබුණා. මේ විශ්වාසභංගය ජය ගැනීමට නම් ඉම්රාන් ඛාන් අවම වශයෙන් ඡන්ද 172 ක් ලබාගත යුතුව තිබුණා.

සිය ධුරය අහිමි වීම පිළිබඳ ඉම්රාන් ඛාන් ට්විටර් සටහනක් මගින් අදහස් දක්වනවා. එහි සිංහල අර්ථය මෙයයි.

”පාකිස්ථානය 1947 දී නිදහස් රාජ්‍යයක් බවට පත් වුණා. නමුත් නිදහස් අරගලය අද දින නැවත පටන් ගන්නවා. විදේශ කුමන්ත්‍රණයකින් පාලන තන්ත්‍රය වෙනස් කිරීමට එරෙහිව. තමන්ගේ ස්වාධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදය හැමවිටම ආරක්ෂා කරන්නේ රටක ජනතාවයි.”

මේ අනුව ඉම්රාන් ඛාන් හිටපු අගමැතිවරයා මේ සම්බන්ධයෙන් චෝදනා නගන්නේ ‘විදේශ කුමන්ත්‍රණ’ වෙතටයි. විශ්වාස භංගයේදී ද ඉම්රාන් ඛාන් මේ අදහස්ම දක්වා තිබුණා.

ඔහු එහිදී පැවසුවේ විපක්ෂය ඇමරිකාව සමග එක් වී තමන්ව බලයෙන් පහ කර දැමීමට කුමන්ත්‍රණය කළ බවයි.

කෙසේ නමුත් ඔහු එසේ පැවසීමට කිසිදු සාධකයක් ‌හෝ සාක්ෂියක් ලබාදෙන්නේ නැහැ.

ලෝකයේ බිහිවූ සුපිරිතම තරුවක් බවට පත් වූ ඉම්රාන් ඛාන්, 2018 වසරේදී බලයට පත් වූ විටත්, දේශපාලන පිටි‌යේ තරුවක් බවට පත් වනු ඇතැයි බොහෝ දෙනා අදහස් දක්වා තිබුණා. නමුත් අවලස්සන දේශපාලන සංස්කෘතිය තුළ ඉම්රාන් ඛාන් වැනි ප්‍රගතිශීලී නායකයෙක් නිවී ගිය තරුවක් ලෙස පසෙකට වන්නට ලැහැස්ති නැහැ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි