×

නිරිතදිග මෙක්සිකෝවේ සිදු වූ බලවත් භූමිකම්පාවකින් එක් අයෙකු මරු​ට

නිලධාරින් මුලින් සුනාමි අනතුරු ඇඟවීමක් කළ නමුත් එක්සත් ජනපදය සහ මෙක්සිකානු නිලධාරින් පසුව කියා සිටියේ එවැනි සිදුවීමක් සිදු විය නොහැකි බවයි. 1985 දි එරට සිදු වූ භුමිකම්පාවෙන් මිනිසුන් 10000ක් පමණ ජිවිතක්ෂයට පත්ව ඇත.


නිරිතදිග මෙක්සිකෝවේ එළඹුණු අඟහරුවාදා රාත්‍රිෙය් සිදු වූ බලවත් භූමිකම්පාවකින් එක් අයෙකු මිය ගිය බව එරට බලධාරීහු පවසති.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පැවසුවේ මෙක්සිකෝවේ ඇකපුල්කෝ නගරයට ඊසාන දෙසින් සැතපුම් 11 ක් දුරින් රික්ටර් පරිමාණ 7.0 ක භූ කම්පනයක් සිදුව ඇති බවයි.භූමිකම්පාවෙන් සමහර ඇකපුල්කෝ නගරයේ හෝටල් වල කුළුණු කඩා වැටී ඇති අතර කොන්ක්‍රීට් කැබලි බිම හෙළී ඇත.

ෆෙඩරල් විදුලි කොමිසමට අනුව මෙක්සිකානුවන් මිලියන 1.6 කට පමණ විදුලි බලය අැන හිට තිබේ. නමුත් සැලකිය යුතු හානියක් පිළිබඳ ක්‍ෂණික වාර්තා නොමැති බව ජනාධිපති ඇන්ඩ්‍රස් මැනුවෙල් ලෝපෙස් ඔබ්‍රඩෝර් ට්විටර් වීඩියෝ පණිවිඩයකින් සඳහන් කරයි.

නිලධාරින් මුලින් සුනාමි අනතුරු ඇඟවීමක් කළ නමුත් එක්සත් ජනපදය සහ මෙක්සිකානු නිලධාරින් පසුව කියා සිටියේ එවැනි සිදුවීමක් සිදු විය නොහැකි බවයි. 1985 දි එරට සිදු වූ භුමිකම්පාවෙන් මිනිසුන් 10000ක් පමණ ජිවිතක්ෂයට පත්ව ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි