×

නිව්කාසල් සහ සන්ඩර්ලන්ඩ් හරිත නගර ඉලක්ක සඳහා ළඟා වේ

සන්ඩර්ලන්ඩ් හි හරිත සංකල්ප මූලාරම්භයන් අතර නිසාන් සමාගම සමඟ එක්ව විදුලි වාහන මධ්‍යස්ථානයක් නිර්මාණය කිරීම, ප්ලාස්ටික් අපද්‍රව්‍ය අවම කරන වරායේ අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ යෝජනා ක්‍රමයක් සහ නගරයේ දේශගුණික ක්‍රියාකාරී සැලසුම්වලට තරුණයින් ඇතුළත් කිරීම කැපී පෙනේ.


දේශගුණික විපර්යාසවලට මුහුණ දෙන ලොව ප්‍රමුඛතම නගර අතරට එක්සත් රාජධානියේ නිව්කාසල් සහ සන්ඩර්ලන්ඩ් නම් කර ඇත.මෙහිදි නිව්කාසල් ‘A’ ශ්‍රේණියේ තත්ත්වයට ලක්ව තිබේ.Carbon Disclosure Project වෙතින් මෙම නිර්දේශය හිමිව ඇත.නිව්කාසල් 2030 වන විට මුළු නගරයම කාබන් මධ්‍යස්ථව ශුද්ධ ශුන්‍යයට ළඟා වීමට ප්‍රතිඥා දී ඇත.සන්ඩර්ලන්ඩ් 2040 වන විට කාබන් උදාසීන කර වීමට අපේක්ෂා කරයි.

එය ලොව පුරා පිළිගත් නගර 95 ක් අතර වේ.නව ඉලක්කය යටතේ නිව්කාසල් හි විදුලියෙන් වාහන සෑදීම, නිවසේ බලශක්ති භාවිතය අඩු කිරීම සහ වැඩිපුර ප්‍රතිචක්‍රීකරණය කිරීම ඇතුළත් වේ.නිව්කාසල් නගර සභාවේ ප්‍රධානි නික් ෆෝබ්ස් පැවසුවේ “දේශගුණික හදිසි අවස්ථාවට මුහුණ දීම අපගේ යුගයේ විශාල අභියෝගයක් ලෙස පවතින අතර මෙය අප නිවැරදි මාර්ගයේ සිටින බව අපට ලබා දුන් සහතිකයක්බවයි.

“සන්ඩර්ලන්ඩ් හි හරිත සංකල්ප මූලාරම්භයන් අතර නිසාන් සමාගම සමඟ එක්ව විදුලි වාහන මධ්‍යස්ථානයක් නිර්මාණය කිරීම, ප්ලාස්ටික් අපද්‍රව්‍ය අවම කරන වරායේ අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ යෝජනා ක්‍රමයක් සහ නගරයේ දේශගුණික ක්‍රියාකාරී සැලසුම්වලට තරුණයින් ඇතුළත් කිරීම කැපී පෙනේ.Carbon Disclosure Project සමාගමක් ලෙස එක්සත් රාජධානිය, ජපානය, ඉන්දියාව, චීනය, ජර්මනිය හා ඇමරිකා එක්සත් ජනපදය පදනම් කරගත් ජාත්යන්තර වශයෙන් ලාභ නොලබන සංවිධානයක් ලෙස සක්‍රියව කටයුතු කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි