×

නීරා වික්‍රමසිංහ ගේ Slave in a Palanquin කෘතිය John F. Richards සම්මානයෙන් පිදුම් ලබයි!

ලයිඩන් විශ්වවිද්‍යාලයේ නූතන දකුණු ආසියානු අධ්‍යයනය පිළිබඳ මහාචාර්යවරියක වන නීරා වික්‍රමසිංහ මහත්මිය විසින් රචිත, Slave in a Palanquin යන කෘතියයට මෙවර John F. Richards සම්මානය හිමිව තිබෙනවා. ඇමරිකානු ඉතිහාස සංසදය විසින් මේ සම්මාන ප්‍රදානය සංවිධානය කරන්නක්.


වසර සිය ගණනක් තිස්සේ ඉන්දියන් සාගරයේ පිහිටි ශ්‍රී ලංකා දිවයින මිනිසුන් සහ භාණ්ඩ සඳහා තීරණාත්මක නැවතුම්පොළක් විය. ලන්දේසි නැගෙනහිර ඉන්දියා සමාගමට එය ඉන්දියානු සාගර වහල් වෙළඳාමේ සන්ධිස්ථානයක් ද විය.

දහඅටවන සියවසේ අගභාගයේදී බ්‍රිතාන්‍යයන් මේ දිවයින යටත් කර ගෙන ක්‍රමක්‍රමයෙන් වහල්භාවය අහෝසි කිරීමට පටන් ගන්නා විට ශ්‍රී ලංකාවේ එවිට ලංකාවේ වහල්භාවය විවිධ ආකාරවලින් පැවතුනි. එහෙත් දහනව වන සියවසේ ශ්‍රී ලංකාවේ වහල් මිනිසුන්ගේ අඛණ්ඩ පැවැත්ම සිංහල සහ දෙමළ ප්‍රජාවන් දෙකෙහිම සාමූහික මතකයෙන් ප්‍රායෝගිකව පහව ගොස් ඇත.

වහල්භාවික කැරැල්ලක සිදුවීමක් ඇගේ කෘතිය පුරා දිව යයි. Slave in a Palanquin මගින් ඉන්දියානු සාගරයේ යටත් විජිත යුගයේ ආසියානු වහල් වෙළඳාමේ දේශීය හා අන්තර් ජාතික මුහුරත පිළිබඳ වැදගත් නව මතයක් ඉදිරිපත් කරයි.

පිටු 312 කින් සමන්විත කෘතිය ප්‍රකාශයට පත් කර ඇත්තේ,කොලොම්බියා විශ්ව විද්‍යාල මුද්‍රණාලය වෙතින් නොවැම්බර් 17, 2020 දිනයි.
(Columbia Univ. Press)

2020 වසරේ මෙම සම්මානය Sheetal Chhabria වෙත, Making the Modern Slum කෘතියට හිමිවතිබේ.

(උපුටා ගැනීම historians.org වෙතින්)



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි