×

නුපුහුණු, ඉංග්‍රීසි බස නොදත් ශ්‍රමිකයන්ට මින් පසු එංගලන්තය තහනම්

යුරෝපා සංගමයෙන් වෙන් වීමත් සමග කුසලතා රහිත, නුපුහුණු, ඉංග්‍රීසි භාෂාවෙහි අදක්ෂ ශ්‍රමිකයන් රැකියා සදහා බදවා ගැනීම සම්පූර්ණයෙන් නවතා දැමීමට මහා බ්‍රිතාන්‍ය තීරණය කර ඇත. ඒ් අනුව ඔස්ට්‍රේලියානු ක්‍රමය යටතේ ලකුණු ලබා දී‌මේ ක්‍රමවේදයක් බ්‍රිතාන්‍ය විසින් අනුගමනය කරන අද එය ඒළිදැක්විණි. මේ පිළිබදව රජයේ අදහස වනු ඇත්තේ දශක ගණනාවකට පසු ප්‍රථම වතාවට ” බ්‍රිතාන්‍ය දේශසීමා ” පූර්ලෙස පාලනය කිරීමේ හැකියාව […]


යුරෝපා සංගමයෙන් වෙන් වීමත් සමග කුසලතා රහිත, නුපුහුණු, ඉංග්‍රීසි භාෂාවෙහි අදක්ෂ ශ්‍රමිකයන් රැකියා සදහා බදවා ගැනීම සම්පූර්ණයෙන් නවතා දැමීමට මහා බ්‍රිතාන්‍ය තීරණය කර ඇත. ඒ් අනුව ඔස්ට්‍රේලියානු ක්‍රමය යටතේ ලකුණු ලබා දී‌මේ ක්‍රමවේදයක් බ්‍රිතාන්‍ය විසින් අනුගමනය කරන අද එය ඒළිදැක්විණි. මේ පිළිබදව රජයේ අදහස වනු ඇත්තේ දශක ගණනාවකට පසු ප්‍රථම වතාවට ” බ්‍රිතාන්‍ය දේශසීමා ” පූර්ලෙස පාලනය කිරීමේ හැකියාව ලබා ගැනීමටත් , යුරෝපා සංගමය හා ඒක්ව සිටියදී රාජ්‍යයන් අතර නිදහසේ සංක්‍රමණය වීමට තිබූ අවස්ථාව හේතුවෙන් ඇතිවූ අවුල් සහගත තත්ත්වයන් තුරන් කර ගැනීමටත් ඒරටට හැකි වූ බවයි.
එසේ වුවත් මෙලෙස රැකියා අහිමි කිරීම තුළ විනාශකාරී ප්‍රතිවිපාක ඇති විය හැකි බවත් ඒමගින් ආර්ථිකයට පහරක් එල්ල විය හැකි බවත් විචාරක මතයයි

නමුත් රජයේ අදහස වී ඇත්තේ රටේ වැඩි පිරිසකගේ බලාපොරෝත්තුව පරිදි බ්‍රෙක්සිට් හෙවත් යුරෝපා සංගමයෙන් වෙන්වීමේ මෙකී පියවරයන් ගත යුතු බවයි.

නව සංක්‍රමණික ප්‍රතිපත්තිය දැක්වෙන පිටු 10ක ලේඛනයක් රජය විසින් ඉදිරිපත් කර ඇත.

• එක්සත් රාජධානියේ දේශසීමා නුපුහුණු කම්කරුවන් සඳහා වසා තබනු ඇත – සියලු සංක්‍රමණිකයින් ඉංග්‍රීසි භාෂාව සම්බන්ධයෙන් නියාමනයන්ට යටත්වීමට සිදුවනු ඇත.

කිසියම් හෝ අයෙකු ඒක්සත් රාජධානියට රැකියාවක් සදහා සංක්‍රමණය වීමට බලාපොරොත්තු වන්නේනම් ඔහු හෝ ඇය වෙත පවුම් 25 600ක රැකියා දීමනාවක් හිමිවිය යුතු වන අතර විශෞෂ අවස්ථාවලදී ඒය පවුම් 20480ක් විය හැකිය.

ස්වයං රැකියා සදහා ඒක්සත් රාජධානියට පැමිණෙන්නට බලාපොරොත්තු වන්නන් සසදහා ඉදිරියේදී අවස්ථාව නොලැබෙනු ඇත. උදාහරණ ලෙස පෝලන්ත ජලනල කාර්මිකයන්, රොමේනියානු ඉදිකිරීම් රැකියා කරන්නන්ට නිශ්චිත රැකියාවක් නොමැතිව ඒක්සත් රාජධානියට ඇතුල්වීමට නොහැකි වනු ඇත.

දේශසීමා පාලක නිළධාරීන් තවදුරටත් ප්‍රංශය සහ ඉතාලිය වැනි රටවල හැඳූනුම්පත් සදහා අවස්ථාව ලබා නොදෙනු ඇත.

ඒක්සත් රාජධානියේ සේවය කිරීමට කැමති විදේශ ජාතිකයන්නේ කුසලතා සීමාව උපාධියේ සිට උසස්පෙළ දක්වා හෝ ඊට සමාන මට්ටමකට පහත හෙළනු ඇත. නුපුහුණු ශ්‍රමිකයන් සංඛ්‍යාව පිළිබද සීමාව ඉවත් කරනු ලැබේ. ඉහළ නිපුණතා ඇති සුළූ පිරිසකය රැකියාවක් නොමැතිව ඇතුල් වීමට ඉඩ දෙනු ලැබේ.

ප්‍රාසාංගිත කටයුතු , තරග ආදිය සඳහා කලාකරුවන්ට විනෝදාස්වාදකයින්ට , ක්‍රීඩකයන්ට, සහ සංගීතඥයින්ට රටට ඇතුල්වීමට අවස්තාව සළසෙනු ඇත.
යුරෝපා සංගම් පුරවැසියන්ට අනෙකුත් ජාතිකයින්ට සමානව සලකනු ලබන පරිවර්තනය සඳහා සේවා යෝජකයින් සූදානම් කිරීම සඳහා “පුළුල්” ව්‍යාපාරයක් දියත් කිරීමට රජය අදහස් කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි