×

නොබෙල් සම්මාන උළෙලේදී සියලු රාජකීයයන් පරදවා දිලිසුණු ‘රතු රූමතිය‘ – අමාල් ක්ලූනි

ඊයේ (10) රාත්‍රියේ නොබෙල් සම්මාන උළෙල ස්වීඩනයේ ස්ටොක්හෝම් අගනුවරදී පැවැත්වුණේ නෝර්වේ සහ ස්වීඩන් රාජකීයන්ගේ ප්‍රධානත්වයෙනි.


ස්කැන්ඩිනේවියානු අර්ධද්වීපය සමන්විත වන්නේ නෝර්වේ සහ ස්වීඩනය යන රටවල් දෙකෙනි. මෙම රටවල් දෙකෙහි රාජකීයයන්, ලෝකයේම අවධානය ස්කැන්ඩිනේවියාව වෙත යොමුවන නොබෙල් ත්‍යාග ප්‍රදානෝත්සවය සඳහා සත්කාරකත්වය සපයති.  ස්වීඩන් රජ පවුල මෙම සම්ප්‍රදාය සමග අඛණ්ඩව එක් වන්නේ 1901 වසරේ පටන් ය.

නෝර්වේ ස්වීඩන් රජ පවුල්

ස්වීඩන් රජ පවුල

පහත දැක්වෙන්නේ මේ වසරේ නොබෙල් සම්මාන උළෙල සඳහා එක් වී සිටි රාජකීයයන් පිළිබඳ කෙටි හැඳින්වීමකි. අනතුරුව අපගේ කථානායිකාව වන අමාල් ක්ලූනි වෙත හැරෙමු.

ස්වීඩන් රජ පවුල සමන්විත වන්නේ ස්වීඩනයේ දහසය වැනි කාල් ගුස්ටාව් රජුගෙන් (King Carl XVI Gustaf of Sweden), සිල්වියා රැජිනගෙන්, ඔටුන්න හිමි වික්ටෝරියා කුමරියගෙන් සහ  ඔටුන්න හිමි ඩැනියෙල් කුමරුගෙනි.

නෝර්වේ රජ පවුලෙන් හැරල්ඩ් රජු, සොන්ජා රැජින, ඔටුන්න හිමි මාටේ-මැරිට් කුමරිය, ඔටුන්න හිමි හාකොන් කුමරු පැමිණ සිටියහ. යුද්ධයේදී ආයුධයක් වශයෙන් ස්ත්‍රී දූෂණය යොදාගන්නා පරිමානය පිළිබඳ මුක්වේජ් සහ නාදියා මුරාද්ගේ කතා අසා සිටින විට මාටේ කුමරිය හැඟීම්බර වී සිටින අන්දම ද පැහැදිලිව දැකගත හැකි විය.

නෝර්වේ රජ පවුල ඔස්කා සම්මානලාභීන් කිහිප දෙනෙක් සමග

නෝර්වේ රජ පවුල ඔස්කා සම්මානලාභීන් කිහිප දෙනෙක් සමග

ස්වීඩනයේ ඔටුන්න හිමි වික්ටෝරියා කුමරිය | Princess Victoria arrives to the Nobel Prize banquet escorted by American biologist and 2018 co-laureate in chemistry, George Smith.

ස්වීඩනයේ ඔටුන්න හිමි වික්ටෝරියා කුමරිය | Princess Victoria arrives to the Nobel Prize banquet escorted by American biologist and 2018 co-laureate in chemistry, George Smith.

ස්වීඩනයේ ගුස්ටාව් රජු, 2018 රසායන විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය හිමිකරගත් ඩෝනා ස්ට්‍රික්ලන්ඩ් විසින් කැඳවාගෙන ආ අයුරු

ස්වීඩනයේ ගුස්ටාව් රජු, 2018 රසායන විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය හිමිකරගත් ඩෝනා ස්ට්‍රික්ලන්ඩ් විසින් කැඳවාගෙන ආ අයුරු

ස්වීඩනයේ ඔටුන්න හිමි වික්ටෝරියා කුමරිය

ස්වීඩනයේ ඔටුන්න හිමි වික්ටෝරියා කුමරිය

නෝර්වේ හි පස්වන හැරල්ඩ් රජු සහ සොන්ජා රැජින 2018 නොබෙල් සාම ත්‍යාගය දිනාගත් නාදියා සහ මුක්වාජ් සමග

නෝර්වේ හි පස්වන හැරල්ඩ් රජු සහ සොන්ජා රැජින 2018 නොබෙල් සාම ත්‍යාගය දිනාගත් නාදියා සහ මුක්වාජ් සමග

ස්වීඩනයේ කාල් පිලිප් කුමරු | Prince Carl Phillip attends the Nobel Prize Banquet at Stockholm's City Hall

ස්වීඩනයේ කාල් පිලිප් කුමරු | Prince Carl Phillip attends the Nobel Prize Banquet at Stockholm’s City Hall

ස්වීඩනයේ සොෆියා කුමරිය | PRINCESS SOFIA OF SWEDEN

ස්වීඩනයේ සොෆියා කුමරිය | PRINCESS SOFIA OF SWEDEN

සොෆියා කුමරිය

සොෆියා කුමරිය

ස්වීඩනයේ සිල්වියා රැජින

ස්වීඩනයේ සිල්වියා රැජින

සොන්ජා රැජින සහ ඇගේ දියණිය මේටි

සොන්ජා රැජින සහ ඇගේ දියණිය මේටි

මෙම උළෙලේදී රතු පැහැති ඇඳුමින් සැරසුණු, ජාත්‍යන්තර අවධානය දිනාගත් රූමතියෝ දෙනෙක් වූහ. එක් අයෙක් නම් ඉහත ඡායාරූපවලින් දක්වා ඇති සොෆියා කුමරියයි. අනෙක් කාන්තාව, අමාල් ක්ලූනි ය.

අමාල් ක්ලූනි යනු, ඔස්කාර් සම්මානලාභී නළු ජෝර්ජ් ක්ලූනිගේ බිරිඳයි. ඊටත් වඩා ඇය අන්තර්ජාතික කීර්තියට පත් නීතීඥවරියකි.

Getty Images| Erik Valestrand

Getty Images| Erik Valestrand

Getty Images | HAAKON MOSVOLD LARSEN

ඇය සැරසී සිටියේ දීප්තිමත් රතු පැහැති ඔස්කා ඩි ලා රෙන්ටා (Oscar de la Renta) ගවොමකිනි. මෙම සම්පූර්ණ ඇඳුමේ වටිනාකම ඇමරිකානු ඩොලර් 2300 ක් පමණ බව කියැවේ.

නමුත් මේ කතාවේදී අප ඉස්මතු කරන්නේ අමාල් ක්ලූනිගේ රූමත්කම හෝ ඇගේ ඇඳුමේ මිල නොවේ. නොබෙල් සම්මානලාභී නාදියා මුරාද්, ඉරාකයේ යැසිදි සුළුතරය අයිසිස් භටයන් හමුවේ මුහුණ දුන් ලිංගික අපරාධ පිළිබඳ කතා කළ බව මීට ඉහත ලිපියකදී අපි සඳහන් කළෙමු. නාදියා මෙන්ම කොංගෝ නාරිවේද මුක්වාජ් ද එක හඬින් අවධාරණය කළේ එම අපරාධ කළ පාපතරයන් නීතිය හමුවට ගෙන ඒමේ අවශ්‍යතාවයයි. අමාල් ක්ලූනි, මේ අයිසිස් අපරාධකරුවන් නීතිය හමුවට ගෙන ඒම සඳහා සැබෑ ලෝකයේදී නාදියා සමග එක්ව කටයුතු කරනා නීතිඥවරිය වේ.

අමාල් ක්ලූනි, නාදියා මුරාද් සමග | Getty Images

අමාල් ක්ලූනි, නාදියා මුරාද් සමග | Getty Images

අන්තර්ජාතික මානව හිමිකම් නීතීඥවරියක වන අමාල් ක්ලූනි, ලෝකයට හුරු පුරුදු නමක් වූයේ ඇය විසින් ජෝර්ජ් ක්ලූනි සමග විවාහ වීමෙන් පසුව වුවත්, එය වන විටත් ඇය අන්තර්ජාතික නීති ක්ෂේත්‍රයේ කීර්තිමත් නාමයකි. වයස අවුරුදු 21 දී දූෂණයට ලක් ව පසුව කෙසේ හෝ ජර්මනියට පළා ඒමට සමත් වූ නාදියා ව ඇයට මුණ ගැසෙන්නේ ද ජර්මනියේදී ය. එවිට අමාල් ක්ලූනි ඇය සමග එක්ව සාක්ෂි එක්රැස් කිරීමත්, අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමේ කටයුතු සම්පාදනයටත් එක් වූවාය. අයිසිස් ත්‍රස්තවාදීන් විසින් යැසිදි සුළුතරය සංහාරයට ලක් කරන ආකාරය ගැන ඇය කරුණු ගොනු කළාය.

2016 සැප්තැම්බර් 22 වැනිදා අමාල් ක්ලූනි, මේ පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී දේශනයක් පවත්වන්නේ ද ඇය පසෙකින් නාදියා මුරාද් ව තබාගෙන ය. නාදියා සිය කතාව කියද්දී කඳුළු සැළුවද, අමාල් නීතිමය තත්වය ගෙන එමින්, පාපීන් නීතිය හමුවට පැමිණවීමේ අවශ්‍යතාවය අවධාරණය කළාය.

අමාල් ක්ලූනි හට සිය නළු සැමියා නිසා යම් ජනප්‍රියත්වයක් අත් වී තිබේද, ඇය එම ජනප්‍රියත්වය ද මේ වන විට පාවිච්චි කරමින් සිටින්නේ, නාදියාගේ ප්‍රශ්නය පිළිබඳ මාධ්‍ය අවධානය යොමු කරවා ගැනීම සඳහා ය.

නාදියාගේ ප්‍රශ්නය, හුදෙක් නාදියාගේ ප්‍රශ්නයක් පමණක් නොව, ලොව පුරා යුධ බිම්වලදී දූෂණයටත්, සමූහ දූෂණයටත්, ලිංගික වහල් වෙළඳාමටත්, මෙහි වචනයෙන් සඳහන් කළ නොහැකි විවිධාකාරයේ ලිංගික හිංසනයන්ටත් ගොදුරු වන සමස්ත කාන්තා සංහතියේම ප්‍රශ්නයකි. ‘‘මේවාට වගකිව යුතු හැම කෙනෙක්ම තනි තනිවම නීතිය හමුවට ගෙන ආ යුතුයි‘‘ යැයි අමාල් ක්ලූනි වරක් කියා තිබේ.

ඊයේ 2018 නොබෙල් සම්මාන රාත්‍රියේදී ඉහළම සම්මානය වන නොබෙල් සාම සම්මානයෙන් පිදුම් ලැබුවේ නාදියා මුරාද් නමැති ඇගේ ඒ සේවාදායිකාවයි!

රූමත් කම සහ බුද්ධිමත් කම යන දෙකම එක සේ පිහිටා ඇති කාන්තාවන් මෙලොව අඩු බවට කියමනක් තිබේ. අමාල් ක්ලූනි, ඒ කතාව බොරුවක් කළ නියම කාන්තාවකි!

අමාල් ක්ලූනි, සිය සේවාදායිකාව වන නාදියා මුරාද් සමග ජගත් සංවිධානය ඇමතූ අවස්ථාව මෙතැනින් නරඹන්න…

[embedyt] https://www.youtube.com/watch?v=Deb0-ZCMmbo[/embedyt]



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි