×

‘‘නොබෙල් සාම තෑග්ග ලැබෙන්න තිබ්බේ මටයි!‘‘ – ට්‍රම්ප්ගේ අලුත්ම අවනඩුව

‘‘මේක මට ලැබෙන්න තිබ්බෙ. මමයි ඉතියෝපියාව යුද්දෙන් බේරගත්තෙ. ඒ වෙනුවට එයාට නොබෙල් සාම තෑග්ග දුන්නා..‘‘


මෙසේ කියන්නේ ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ය.

ඔයායෝ ජනපදයේ ටොලිඩෝ හි මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයකදී ඔහු මෙසේ පවසන ආකාරය සහිත වීඩියෝවක් ට්විටර් හරහා දැන් වයිරල් වෙමින් තිබේ.

මෙහිදී ට්‍රම්ප් නොබෙල් ත්‍යාගය දිනාගත් පුද්ගලයා ගේ නම සඳහන් නොකළත්, ඒ ඉතියෝපියා අගමැති අබී අහමද් (Abiy Ahmed) බව නොරහසකි. 43 හැවිරිදි අහමද්, අප්‍රිකාවේ ළාබාලතම රාජ්‍ය නායකයා වේ.

2018 වසරේ ඉතියෝපියාවේ හටගත් මහාපරිමාණ උද්ඝෝෂණවලින් පසු අප්‍රේල් මාසයේ බලයට පත් අබී අහමද්, අති සාර්ථක ලෙස දැවැන්ත ලිබරල් කරණ වැඩපිළි‍වෙළක් ඉතියෝපියාවට හඳුන්වා දුන්නේය.

දහස් ගණන් වූ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, පිටුවහල් වී සිටි විප්‍රවාසිකයන් හට නැවත සිය රට බලා ඒමට ඉඩ සලසාලීම, මාධ්‍ය නිදහස, අගවිනිසුරු ධුරයට ද ඇතුළුව රටේ ප්‍රධාන ධුරවලට කාන්තාවන් පත් කිරීම ඇතුළු බටහිර පවා මවිත වන වැඩ පිළිවෙළක් දියත් කළේය.

ඉතියෝපියානු අගමැතිවරයා අබී අහමද් (AFP)

මේ අනුව 2019 ඔක්තෝබර් මාසයේදී ඔහුට නොබෙල් සාම ත්‍යාගය පිරිනමන ලදී. ඒ, අසල්වැසි එරිත්‍රියාව සමග ස්ථිරසාර සාමයක් ඇති කර ගැනීම හේතුවෙනි. එය දශක දෙකක් තිස්සේ වසා දමා තිබූ දීර්ඝ දේශසීමාව විවර කළේය. ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2016 වසරේ ධුරයට පත් වීමෙන් පසු රාජ්‍ය නායකයෙකු විසින් නොබෙල් සාම ත්‍යාගය දිනාගත් පළමු අවස්ථාව මෙයයි. මේ අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ හිතේ අමාරුව වැඩිවීමට මෙය ද හේතු වූවා විය හැකිය.

එරිත්‍රියාව සමග සාම ගිවිසුම සාර්ථක වීමෙන් පසු, සිය රට දිවා රෑ නොබලා දියුණු කරන අතරවාරයේ අගමැති අබී අහමද් අසල්වැසි අප්‍රිකානු රටවල ද අරගල නිමා කිරීම සහ යුද්ධ අවසන් කිරීමට සහයෝගය ලබා දෙමින් සිටියි. නමුත් ඊට සාපේක්ෂව ඩොනල්ඩ් ට්‍රම්ප් කරන්නේ කුමක්ද?

තුන්වැනි ලෝක යුද්ධයක් හටගතහොත්, වැඩිපුරම මේ ලෝකයේ ධනවත් වන රට ඇමරිකාවයි. ලෝකයේ ලොකුම ආයුධ වෙළෙන්දා වන්නේ ඇමරිකායි. එහි නායකයා වන ඩොනල්ඩ් ට්‍රම්ප් වැනි යුද්ධයට සහ ගිනිඅවිවලට ආවඩන අංක එකේ ආයුධ වෙළෙන්දා ය. නමුත් මේ සියල්ලම අතරේ ඔහුට නොබෙල් සාම ත්‍යාගයත් උවමනා කර තිබේ. එය නොලැබීම ගැන හිතේ අමාරුවකුත් තිබේ! දැන් ඉතින් මේ අවනඩුව කාට කියන්නද..?

කියවන්න, නොබෙල් සාම ත්‍යාගය දිනූ ඉතියෝපියාවේ නෙල්සන් මැන්ඩෙලා – අගමැති අබී අපට කියන කතාව
ඉතියෝපියාවේ අග විනිසුරු ධුරයත් කාන්තාවකට!

ඉතියෝපියාවේ බලවත් තැන් බවලතුන්ට
එතියෝපියාව සහ එරිත්‍රියාව එක්සත් වෙයි – දෙකටම නැති යුද්ධය නිමා කරයි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි