×

නොමැඩ්ලෑන්ඩ් සමඟින් පළමු වරට ආසියානු ජාතික කාන්තාවක් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයක් හොඳම අධ්‍යක්ෂණයට හිමි ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලබයි!

93 වන ඔස්කාර් සම්මාන උළලේ හොඳම චිත්‍රපටය වශයෙන් මෙවර සම්මානයට පාත්‍ර වූයේ Chloé Zhao අධ්‍යක්ෂණය කල Nomadland චිත්‍රපටයයි.


එය හොඳම අධ්‍යක්ෂණය මෙන්ම ආසියානු ජාතික කාන්තාවක් විසින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයක් හොඳම අධ්‍යක්ෂණයට හිමි ඔස්කාර් සම්මානය ලද පළමු අවස්ථාවයි.

මිට පැය කිහිපයකට පෙර සම්මාන උළෙල පැවැත් වූනේ ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් හිදී.

හොඳම නලුවාට හිමි සම්මානය මෙවර හිමි වූයේ The Father හි රඟ පෑ  ANTHONY HOPKINS වෙතයි.

හොඳම නිලියට හිමි සම්මානය Nomadland හි රංගනය දැක් වූ FRANCES MCDORMAND වෙත හිමි විය.

හොඳම සහාය නලූවා වූයේ DANIEL KALUUYA යි. ඒ Judas and the Black Messiah චිත්‍රපටය සඳහාය.

හොඳම සහාය නිලිය වූයේ  Minari හි රඟ පෑ YUH-JUNG YOUN ය.

හොඳම සජිවිකරණ චිත්‍රපටය වූයේ SOUL චිත්‍රපටයයි.

MANK චිත්‍රපටය වෙනුවෙන් Erik Messerschmidt හට හොඳහ කැමරා ශිල්පියාට හිමි සම්මානය හිමි විය.

MA RAINEY’S BLACK BOTTOM චිත්‍රපටයට හොඳම වේශ නිරුපණ සම්මානය හිමි විය.

හොඳම වාර්තා චිත්‍රපටය වූයේ MY OCTOPUS TEACHER ය.

SOUND OF METAL චිත්‍රපටය හොඳම සංස්කරණය සම්මානය දිනා ගන්නට විය.

හොඳහ සංගීතයට හිමි සම්මානය SOUL වෙත හිමි විය. (oscars.org වෙතින්)



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි