අද, නොවැම්බර් 2 වැනිදා යි
ජනමාධ්‍යවේදීන්, මාධ්‍ය ආයතන සහ මාධ්‍ය සේවකයින් ඉලක්ක කර ගනිමින් සිදුකරන ලද අපරාධවලට එරෙහිව සහ වරදට දඬුවම් නොළබා සිටීමේ අවස්ථාව හෙවත් ‘විනිර්මුක්තිය‘ හෙවත් ‘දණ්ඩමුක්තිය‘ අවසන් [#endimpunity] කළ යුතු යැයි යන අර්ථයෙන්, ලොව පුරා එැවැනි අපරාධ සිදුකරන රාජ්‍යන්ට බලපෑම් කිරීම සඳහා 2013 නොවැම්බර් 2වනදා එක්සත් ජාතීන්ගේ 68වන සමුලුවේදී එකඟතාවයක් ඇති කර ගන්නා ලදී. ඒ අනුව අද දිනය මෙසේ හැඳින්වෙයි. මෙය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් එවැනි රාජ්‍යයන්ට බලපෑම් කිරීමේ ජාත්‍යන්තර දිනය ලෙස සම්මත විය.
1868 – වේලා කලාප – නවසීලන්තය පළමු වරට සම්මත වේලා කලාප පිළිගනියි.
1917 – බ්‍රිතාන්‍යය බැල්ෆෝර් ප්රකාශනය නිකුත් කරයි. මෙය පලස්තීනය යුදෙව් ජනතාව ගේ භූමියක් ය යන මතයට සහයෝගය පළ කරමින් නිකුත් කරන ලද්දකි.
1936- බ්‍රිතාන්‍ය විකාශන සමාගම (British Broadcasting Corporation – BBC) ට අයත් ප්‍රථම රූපවාහිනී නාලිකාව වශයෙන් BBC One Television network අරඹයි. මෙය ලොව ප්‍රථම දිනපතා රූපවාහිනී සේවය ද වෙයි. ඉමේජ් රෙසොලූෂන් හෙවත් පින්තූරවල විභේදන බලය තත්වයෙන් ඉහළ අගයක් නිරන්තරයෙන්ම ගත් ප්‍රථම රූපවාහිනී නාලිකාව ලෙසට ද මෙය ලෝක ඉතිහාසයට එක් වෙයි.
1947 – එවකට ලොව විශාලතම ගුවන් යානය වන Hughes H-4 Hercules යානය එහි ප්‍රථම (සහ එක ම) ගුවන් ගත වීම සිදු කරයි. මෙහි ගුවන් නියමුවා වශයෙන් කටයුතු කරන්නේ හොවාර්ඩ් හියුස් ය. පසුකලෙක හොවාඩ් හියුස්ගේ ජීවිත කතාව අළලා ‘දි ඒවියේටර්‘ නමින් චිත්‍රපටයක් ද නිෂ්පාදනය වෙයි. ගුවන් යානා ශිල්පයට පෙම්බැඳි කෝටිපති ව්‍යාපාරිකයෙකු වූ හොවාඩ් හියුස් ලෙස එහිදී රංගනයෙන් එක් වන්නේ ලියනාඩෝ ඩි කැප්රියෝ ය.
1949 – නෙදර්ලන්තය සහ ඉන්දුනීසියා ජනරජය හේග් එකගතාවට අත්සන් තබති. මේ හරහා ඉන්දුනීසියාව ප්‍රකාශයට පත් කළ නෙදර්ලන්තයෙන් නිදහස් වීම පිළිබද අර්බුදයට තිත තැබිණ; එ නම් ඉන්දුනීසියාව නිදහස් රටක් වශයෙන් නෙදර්ලන්තය පිළි ගත්තේ ය.
1956 – ඊශ්‍රායලය ප්‍රථම වතාවට ගාසා තීරය ආක්‍රමණය කළේ සහ එය අත්පත් කර ගත්තේ 1956 වසරේ අද වැනි දිනෙක ය. 1949 වසරේ සිට ඒ දක්වා ඊජිප්තු හමුදා පාලනය යටතේ පැවති ගාසා තීරය, මෙසේ ඊශ්‍රායලය විසින් අල්ලා ගැනීමත් සමග ඊශ්‍රායල – පලස්තීන අර්බුදයේ කේන්ද්‍රස්ථානයක් බවට ගාසා තීරය පත් වෙයි. පුරා වසරක් සටන් පැවතිණි. Suez Crisis හෙවත් සූවස් අර්බුදය යනුවෙන් මෙය හැඳින්වේ.