×

නොවැම්බර් 3 – දවසේ වැදගත්කම

අද වැනි දවසක ලෝක සිතියමේ


අද, නොවැම්බර් 3 වැනිදා යි

1534 – රජවරුන්ගේ අධිපතිවාදය නීතියෙන් සම්මත වෙයි

1534 – බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ‘අධිපතිවාදයේ පනත‘  (First Act of Supremacy)  සම්මත කර ගනියි. මේ හරහා දෙවැනි හෙන්රි රජු ද ඉන් පසු රාජ්‍යත්වයට පත්වන රජවරුන් ද ඇන්ග්ලිකන් නිකායේ ප්‍රධානියා බවට පත් කෙරිණ. ඉන් සිදු වූයේ පාප් වහන්සේ ද රෝමානු කතෝලික නිකාය ද ඔවුන් අත්විඳි ඉහළ ස්ථානයෙන් පහ කිරීම යි. මෙහි සමස්තයේ අදහස වූයේ රාජ්‍යයත්වය කෙරෙහි අසීමිත බලයක් ආරූඪ කිරීමයි.

1793 – ප්‍රකට ස්ත්‍රීවාදිනිය ගිලටිනයට

1793 – ප්‍රංශ ජාතික සමාජ ප්‍රතිශෝධකවරියක ද, ස්ත්‍රීවාදිනියක ද වන ඔලිම්‍ පේ ද ගොඋජස් ගිලටීනයෙන් මරණ දණ්ඩණයට පනවනු ලැබිණ. ඇය සමාජයේ ස්ත්‍රියට ඇති ස්ථානය වැනි විවිධ කරුණු අරබයා සම්ප්‍රදායික මතය අභියෝගයට ලක් කළා ය.

1946 –  ජපානයට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්

1946 – ජපානයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එරට හිරොහිතෝ අධිරාජ්‍යයා ගේ අනුමැතියෙන් නීතිගත කරනු ලබයි.

1957 – ලයිකා සමග ස්පුට්නික් – 2 යානය අභ්‍යවකාශයට

1957 – සෝවියට් දේශය ස්පුට්නික් 2 ආකාශ යානය ලයිකා නම් බැල්ල ද සමග ආකාශගත කරයි. ඒ අනුව, අභ්‍යාවකාශයට ගිය ප්‍රථම ජීවියා බවට ලයිකා නම් බැල්ල පත් වෙයි. වීදි සුනඛයෙකු වූ ලයිකා, මේ මෙහෙයුමේදී මරුමුවට පත්වූයේ එතුළ වූ අධික උණුසුම නිසා ය. පසුකලෙක විරුදාවලි ද සමග ඇගේ රුව මුද්දරවලට පවා නැගුණත්, ඇයව අජටාකාශගත කිරීම නොමිනිස් ක්‍රියාවක් ලෙසට ද විවේචනයට ලක් වෙයි.

 

1970 – වියට්නාමයෙන් ඇමරිකානු හමුදා ඉවතට

1970 – එක්සත් ජනපද ජනාධිපති රිචර්ඩ් නික්සන් වියට්නාමයෙන් හමුදා කණ්ඩායම් ඉවත් කර ගන්නා බවට පොරොන්දු වෙයි. වියට්නාම් යුද්ධයට ඇමරිකාව මැදිහත් වන්නේ රිචඩ් නික්සන් හරහා ය. ඔහුට එරෙහිව රට තුළ විශාල ජනමතයක් වර්ධනය වීමට මේ සිදුවීම හේතු විය. ඒජන්ට් ඔරෙන්ජ් (නාපාම්) සිද්ධියට අදාළව ලොව පුරා ප්‍රචලිත වූ නග්න දැරියගේ ඡායාරූපය යනාදී අපවාදවලින් පසුව රිචඩ් නික්සන්, වියට්නාමයට යැවූ ඇමරිකානු හමුදාව ඉවත් කර ගැනීමට පොරොන්දු වෙයි.

1973 –  බුධ ග්‍රහයා වෙත මැරීනර්

1973 – මැරීනර් වැඩසටහන – නාසා ආයතනය මැරීනර් 10 නම් අභ්‍යාවකාශ යානය බුධ ග්‍රහයා වෙත මුදා හරියි. මෙය 1974 මාර්තු 24 වැනි දින බුධ වෙත ළඟා වන්නේ එසේ කරන්නට සමත් වන ප්‍රථම අභ්‍යාවකාශ යානය වශයෙනි.

1978 – ඩොමිනිකාවට එක්සත් රාජධානියෙන් නිදහස

1978 – ඩොමිනිකාව එක්සත් රාජධානියෙන් සම්පූර්ණ නිදහස ලබයි. නිදහස ලැබීමෙන් පසු එහි ප්‍රථම ජනාධිපති වන්නේ පැට්‍රික් රෝලන්ඩ් ජෝන් නමැත්තා යි.

1992 –  සෙනෙට් සභාවට පළමු වරට කළු ඇමරිකානු කාන්තාවක්

1992 – එක්සත් ජනපද සෙනේටයට තෝරා පත් වූ ප්‍රථම අප්‍රිකානු ඇමරිකානු කාන්තාව බවට ඩිමොක්‍රටික පාක්ෂික කැරොල් මොසෙලි බ්‍රවුන් පත් වේ.

1997 –  සුඩානයට ආර්ථික සම්බාධක

1997 – එක්සත් ජනපදය සුඩානය වෙත ආර්ථික සම්බාධක පනවයි. එසේ කරන්නේ, එහි රජය තම රටෙහි ම ජනතාවට එරෙහි ව මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ මැදපෙරදිග සහ නැගෙනහිර අප්‍රිකාවේ අන්තවාදී ඉස්ලාමික සංවිධානවලට සහය දක්වන්නේ ය යන චෝදනා මත ය.

2020 – ඇමරිකානු ජනාධිපතිවරණය

2020 – ඇමරිකානු ජනාධිපතිවරණය යෙදී තිබේ. මෙවර ඇමරිකානු ඉතිහාසයේ ප්‍රථම වතාවට වැඩිම ඡන්ද දායකයන් පිරිසක්, එනම් මිලියන 91 ක ජනතාවක් ‘කලින් ඡන්දය ප්‍රකාශ කිරීම‘ හෙවත් අර්ලි වෝටිං සිදුකර ඇති අතර, රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් අතර තියුණු තරගයක් පැවැත්වේ යැයි අපේක්ෂා කෙරේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි