×

පකිස්තානයේ චීන තානාපති ඉලක්ක කරමින් බෝම්බ ප්‍රහාරයක් – සිව්දෙනෙකු මරුට

පකිස්තානයේ බලුකිස්තාන ප්‍රාන්ත අගනුවර වන ක්වෙටා නගරයේ සංචාරක හෝටල් පරිශ්‍රයක් තුළ සිදු වූ බෝම්බ පිපිරීමකින් සිව් දෙනෙකු මියගොස් 12 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.


විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ  පකිස්තානයේ ක්‍රියාත්මක ටෙහ්රීක් ඊ තලිබාන් නමැති සංවිධානය විසින් මෙම බෝම්බ ප්‍රහාරයේ වගකීම බාර ගනිමින් නිවේදනයක් නිකුත් කර ඇති බවයි.

මෙම බෝම්බ ප්‍රහාරය පකිස්තානයේ චීන තානාපතිවරයා ඉලක්ක කර ගනිමින් එල්ල කරන්නට ඇති බවටයි එරට ආරක්ෂක අංශ සැක කරන්නේ.

චීන තානාපතිවරයා බලුකිස්තාන ප්‍රාන්තයේ සංචාරයක නිරතවෙමින් සිටින අතර ඔහු අදාල හෝටලයේ රැඳී සිටීමට නියමිතව තිබිණි.

කෙසේ නමුත් බෝම්බ ප්‍රහාරය එල්ල වනවිට තානාපතිවරයා එම හෝටලයේ නොසිටි බවයි වාර්තා වන්නේ.

UN for LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි