×

පරණ නූඩ්ලස් කාපු චීන පවුලක්ම මරුට

වයඹදිග චීනයේ හෙයිලෝන්ග්ජියැන්ග් ප්‍රාන්තයේ "ජික්සි" නම් නගරයෙන් වාර්තා වූ පුවතක් ලෝකය පුරාම කතාබහට ලක් වී තිබේ.


ඒ, ආහාරයට ගත් නූඩ්ලස් වර්ගයක් විෂ වීමෙන් එකම පවුලේ නවදෙනෙකුට මරණයට පත්වීමේ ශෝකාන්විතයකි.

චීන්නුන්ගේ ප්‍රධානම ආහාරයක් ලෙස නූඩ්ලස් නිෂ්පාදනය කරගන්නේ ඉරිඟු පිටි භාවිතා කරමින් ඔවුන්ටම ආවේණික ක්‍රමවේදයකට‍ය. පවුලේ පරිභෝජනය සදහා නිවෙස්වලම සාදාගනු ලබන මෙම ඉරිඟු නූඩ්ලස් රසගුණ පිරුණු, නිශ්චිත කාලයක් තබාගත හැකි ආහාර වර්ගයක් වේ.

චීන අවන්හල්වල නූඩ්ල්ස්වලින් පිසින ආහාර වට්ටෝරු විශාල ප්‍රමාණයක් දැකගත හැකිය. “සුවන්ටැංග්සි” කියන්නෙත් ඉරිඟු නූඩ්ලස් වලින් පිසගන්නා ආහාර වට්ටෝරුවකි.

පහුගිය ඔක්තෝම්බර් 05 වෙනිදා එක්තරා චීන පවුලක් විසින් උදේ ආහාරවේලට සුවන්ටැංග්සි නම් ආහාරය පිළියෙල කර තිබුණු අතර ඊට යොදාගෙන තිබුණේ වසරක් පමණ කාලයක් අධිශීතකරණයේ තැන්පත් කර තිබූ ඉරිඟු නූඩ්ලස්ය.

නූඩ්ලස් ආහාරයට ගත් සියලු දෙනා හදිසියේ අසනීප වී තිබෙන අතර ඔක්තෝම්බර් 10 වෙනිදා අසනීප වූ අයගෙන් 7 දෙනෙක් මියගොස් තිබේ. ඊට දින දෙකකට පසු පවුලේ තවත් සාමාජිකයෙක් හා පහුගිය සඳුදා (19) තවත් එක් සාමාජිකයෙක් වශයෙන් මේ වනවිට නව දෙනෙක් මියගොස් තිබේ.

මෙම මරණ පිටුපස සිද්ධිය අනාවරණය වී පවුලේ ඉතිරිව සිටින ළමුන් තුන්දෙනෙකුගේ මාර්ගයෙනි. එදා ඒ ළමුන් තිදෙනා නූඩ්ලස් ආහාරයට ගැනීම ප්‍රතික්ෂේප නොකරන්නට අද ඔවුන්ද මළවුන් අතර ඉන්නට තිබුණි.

|- චතුර රුවන් වීරක්කොඩි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි