×

පලස්තීන දරුවන් වාඩිවිය යුත්තේ පන්ති කාමරවල මිස සුන්බුන් අතර නොවේ – මලාලා යූසුෆ්

පලස්තීනයේ ගාසා තීරයට නොකඩවා එල්ල වන ඊශ්‍රායල් ප්‍රහාර හමුවේ ගාසා තීරයේ වාසය කරන ජනතාව දැඩි අසරණභාවයට පත්ව තිබේ.


පලස්තීන – ඊශ්‍රායල් පාලකයන්ගේ ගැටුම් හේතුවෙන් වන්දි ගෙවීමට සිදුව තිබෙන්නේ දෙපාර්ශ්වයේම සාමාන්‍ය ජනතාවටයි.

මේ වනවිට කුඩා ලමුන් ඇතුළු සිය ගණනකගේ ජීවිත අහිමි මෙම ගැටුමට බිළි වී තිබෙනවා.

පකිස්තානයේ මානව හිමිකම් ක්‍රියාකාරිණියක වන මලාලා යූසුෆ්සායි සිය ට්විටර් ගිණුම හරහා වීඩියෝවක් නිකුත් කරමින් පවසන්නේ පලස්තීන දරුවන් වාඩිවිය යුත්තේ ඔවුන්ගේ පංති කාමරවල මිස යුද්ධයෙන් හානි වූ සුන්බුන් අතර නොවන බවයි.

මලාලා යූසුෆ් පෙන්වා දෙන්නේ යාඥාවල නිරතව සිටින ඉස්ලාම් භක්තිකයන් වෙත පවා ඊශ්‍රායල ගුවන් ප්‍රහාර එල්ලවෙමින් තිබෙන බවයි.

පලස්තීන ජනතාවගේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් ලෝක නායකයන් වහාම මැදිහත් වියයුතු බව ඇය අවධාරය කරනවා.

UN for LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි