×

පවතින උෂ්ණාධික කාලගුණය හේතුවෙන් එංගලන්තයේ ඇපල් වගාකරුවන්ට දැඩි බලපෑම්

ඇපල් වැනි පිපාසයෙන් පෙළෙන ගොවීන්ට අහසින් වැස්ස වෙනුවට ආදේශකයක් නොමැති අතර ඇපල් ගස්වලට හොඳ අස්වැන්නක් ලබා ගැනීමට ප්‍රමාණවත් ජලය ලබා දීම මිල අධික කරුණක් බවට පත්ව ඇත. මේ හේතුවෙන් වගා කරුවන් බොහෝමයක් වගාවන් වලින් ඉවත්වන තත්වයත් ඇතිව තිබේ.


පවතින උෂ්ණාධික කාලගුණය හේතුවෙන් එංගලන්තයේ කුඩා හා මධ්‍යපරිමාණ ඇපල් වගාකරුවන් විශාල ගැටලුවකට මුහුණ දී තිබේ. Lathcoats Farm හි ඔවුන්ගේ පළතුරු වතු වල බොහෝ ගස්වල ඇපල් පිළිස්සී කොටස් වශයෙන් දුඹුරු පැහැ ගැන්වී ඇත. ජූලි මාසයේ වාර්තාගත වූ තාප තරංග හේතුවෙන් මේ වසරේ ගොවිපළේ අස්වැන්නෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් අළෙවි කිරීමට නොහැකි තත්වයක් උද්ගතව ඇත.

පසුගිය ශීත ඍතුවේ දී පවා සැලකිය යුත් වර්ෂාපතනයක් වාර්තා නොවීම හේතුවෙන් ඇපල් ස් යට පොළව ඉරිතලා ගොස් ඇත. ඇපල් වැනි පිපාසයෙන් පෙළෙන ගොවීන්ට අහසින් වැස්ස වෙනුවට ආදේශකයක් නොමැති අතර ඇපල් ගස්වලට හොඳ අස්වැන්නක් ලබා ගැනීමට ප්‍රමාණවත් ජලය ලබා දීම මිල අධික කරුණක් බවට පත්ව ඇත. මේ හේතුවෙන් වගා කරුවන් බොහෝමයක් වගාවන් වලින් ඉවත්වන තත්වයත් ඇතිව තිබේ.

කෙන්ට් ප්‍රාන්තය එහි හරිත පෙරළෙන කඳු, සාරවත් භූමිය ස්ට්‍රෝබෙරි, ඇපල් සහ පෙයාර්ස් සපයන පළතුරු වතු මේ වන විට වියලි දුඹුරු පැහැයට හැරී ඇත. එක්සත් රාජධානියේ පරිසර ඒජන්සිය සිකුරාදා(12) නිවේදනය කළේ එංගලන්තයේ විශාල ප්‍රදේශයක් නිල වශයෙන් නියඟයට බැස ඇති බවත්, ආහාර සුරක්ෂිතතාව පිළිබඳ මතුවෙමින් පවතින බවත්ය.

ජලාශවල ජල මට්ටම් ශීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතින අතර ගංගා සිඳී යමින් පවතී. ලන්ඩන් හරහා ගලා බසින තේම්ස් නදිය පවා හැකිලී ගොස් ඇති අතර පළමු සැතපුම් 5 වියළීව අතුරුදහන් වී ඇත. එංගලන්තයේ පරිසර නියෝජිතායතනයට අනුව ගංගා දහතුනක් මෙතෙක් වාර්තා වී නොමැති අවම මට්ටමේ පවතී.

පොසිල ඉන්ධන දහනය කිරීම මගින් මෙහෙයවනු ලබන දේශගුණික අර්බුදය, උණුසුම් කාලගුණය, නියඟය සහ ගංවතුර එක්සත් රාජධානියේ නිතර නිතර හා තීව්‍ර කරමින් පවතින අතර ග්‍රහලෝකය උණුසුම් වන තරමට මෙම බලපෑම් වඩාත් නරක වනු ඇති බව කාලගුණ විද්‍යාඥයන් අනතුරු අඟවා තිබේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි