ඊට හේතුව වී තිබෙන්නේ පාසල් ගාස්තුව ප්ලාස්ටික් කැබලිවලින් ගෙවීමට සිදුවීමයි.
මෙම ගමේ පාසල ආරම්භ කළේ ඇෆ්‍රිකන්-ඇමරිකන් ජාතික මසීන් මුක්තාර්ය. එහිදි ඔහුට හමුවූ ඉන්දියානු උපාධිධාරී තරුණියක් විවාහ කරගෙන පාසලක් අරඹා ගමේ ළමුන්ට නොමිලේ උගන්වන්නට පටන් ගත්හ.
ගම්වැසියන් දිනපතාම පාහේ ප්ලාස්ටික් පොලිතින් පුලුස්සා දැමීම නිසා පාසලේ කටයුතුවලට බාධා විය. ප්ලාස්ටික් දුම නිසා ළමුන් ශ්වසන ආබාධවලින්ද පෙලුනාහ. ප්ලාස්ටික් පාසලට ගෙනත් දෙන ලෙස ඉල්ලීමක් කළත් ගම්වැසියො එයට සවන් දුන්නේ නැත.
ගුරු ජෝඩුව කල්පනා කොට අලුත් තීරණයකට පැමිණියහ. පසුදා උදේ රැස්වීමේදි එම තීරණය දැනුම් දුන්හ.
‘ළමයි, හෙට ඉඳල අපි නොමිලෙ උගන්වන්නෙ නෑ. එක්කො සල්ලි ගෙවන්න ඕනෙ. නැත්තන් අහක දාන ප්ලාස්ටික්, පොලිතින් මල්ල ගානෙ දිනපතා ඉස්කෝලට ගේන්න ඕනෙ.
ගම්වැසියෝ ප්ලාස්ටික් පිලිස්සීම නැවැත්වූහ. ඒ වෙනුවට ප්ලාස්ටික් මල්ල බැගින් දිනපතා පාහේ පාසලට එවූහ.
පාසැලේදී ප්ලාස්ටික් සහ පොලිතින් පරිසර හිතකාමී ගඩොල් බවට හරවයි. ශාස්ත්‍රීය අධ්‍යාපනයට අමතරව වෘත්තීය අධ්‍යාපන පුහුණුවක්ද මේ පාසැල ලබා දෙයි.
ප්ලාස්ටික්, පොලිතින් බවට හැරවීම, වඩු වැඩ, ඉලොක්ට්‍රනික විද්‍යාව සහ සූර්ය පැනල සවිකිරීම එම වෘත්තීය පුහුණු විෂයයන් වේ.
අද වනතුරු එකම සිසුවෙක් හෝ ඉගනුම නවතා ගෙදර නැවතී නැත.
පාසලේ ඉඩකඩ ප්‍රමාණවත් නැති බැවින් තවත් ලමුන් 100 දෙනෙකු පාසලට ඇතුලු වීමට පෝලිමේ බලා සිටිති.
– බර්ටි රණවීරගේ | LNW