×

ප්‍රංශයේ සංස්කෘතික අමාත්‍ය ෆ්‍රෑන්ක් රිස්ටර්ට කොවිඩ්-19 වෛරසය වැළදෙයි.

ප්‍රංශයේ සංස්කෘතික ඇමතිවරයා වන ෆ්‍රෑන්ක් රිස්ටර් කොවිඩ්-19 වෛරසය වැළඳුණු නවතම දේශපාලනඥයා බවට පත්ව ඇති බව වාර්තා වේ. ෆ්‍රෑන්ක් රයිස්ටර් මහතා හොඳින් හා නිවසේ විවේක ගනිමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය ඔලිවියර් වේරන් බීඑෆ්එම් රූපවාහිනියෙන් පැවසීය.

ප්‍රංශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස් දෙනෙකු කොවිඩ්-19 වෛරසයෙන් පෙළෙන බව සඳුදා මාධ්‍ය වාර්තා කර ඇති අතර, ප්‍රංශයේ වෛරසය වැලදුණ පිරිස අතරට රාජ්‍ය සභා ආපනශාලාවේ කාර්යයේ නියුතු සේවකයකුද ඇතුළත් බව ද වාර්තා වේ.

රයිස්ටර් මහතා ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස් දෙනාගෙන් එක් අයෙකුගෙන් වෛරසය වැළඳී ඇති බව සංස්කෘතික අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි. මෙසේ ආසාදිත ඇමතිවරයා අවසන් දින කිහිපයකට පෙර ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් හමු වී ඇත.

පැරිස් ගුවන්තොටුපල මෙහෙයුම්කරු ඒඩීපී හි ප්‍රධාන විධායක නිලධාරී ඔගස්ටින් ඩි රොමානෙට් ද වෛරසය සඳහා ධනාත්මක බව පෙන්වා කර ඇති අතර ඔහු නිවසේ සිට වැඩ කරමින් සිටින බව ප්‍රකාශකයෙක් මීට පෙර ප්‍රකාශ කළේය.

වෙනත් කිසිදු රජයේ නිලධාරියෙකුට තවමත් වෛරසය ආසාදනය වී ඇති බව සොයාගෙන නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය වේරන් මහතා පැවසීය. ඔහු තවදුරටත් කියා සිටියේ පසුගිය සති දෙකක කාලය තුළ කිසිවෙකු කැබිනට් රැස්වීම්වලදී අතට අත දීම් සිදු නොකළ බවයි.

#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි