×

ප්‍රංශයේ සහ පෝලන්තයේ කොවිඩ් තුන්වන රැල්ලක අනතුරක් – දෙරටම සංචරණ සීමා යළිත් දැඩි කරයි

මෑත සති කිහිපය තුළ කොරෝනා වසංගතයේ හැසිරීම අනුව ප්‍රංශය සහ පෝලන්තය යළිත් වරක් සංචරණ සීමා පැනවීමට  කටයුතු කර තිබේ. 


ඒ අනුව අර්ධ වශයෙන් ලෝක්  ඩවුන් කිරීමක් සඳහා ඔවුන් සිය අවධානය යොමුකර ඇත.

පැරිස් අගනුවර ප්‍රමුඛ ප්‍රංශයේ ප්‍රදේශ 16ක මිලියන 21ක පමණ ජනතාවක් කොවිඩ් තුන්වන රැල්ලක් ඇති වීම සම්බන්ධයෙන් මහත් බියකින් පසුවන බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

පෝලන්තය තුළද අත්‍යවශ්‍ය නොවන වෙළෙඳසල්,හෝටල්,සංස්කෘතික මධ්‍යස්ථාන,ක්‍රීඩා පහසුකම් සලසන ස්ථාන සති තුනක කාලයක් සඳහා වසා දමා ඇති බව සඳහන්.

පසුගිය නොවැම්බර් මස සිට ගත් කළ පෝලන්තය තුළ මේ වන විට ආසාදිතයින් හමුවීම වැඩි වී ඇති බවද දක්වා තිබේ.

ප්‍රංශය තුළද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට රට අර්ධ වශයෙන් ලොක්ඩවුන් කිරීමටකට යොමු වී ඇත. එළිමහනේ ව්‍යායාම කිරීමට ජනතාවට අවසර දී තිබෙන අතර ප්‍රංශය තුළද අත්‍යවශ්‍ය නොවන වෙළෙඳසල් වසා දමා තිබේ.

එහෙත් පාසල් විවෘතව කර තබා ගැනීමට එරට අවධානය යොමුව ඇත.

ඇමරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්ත අනුව මේ වන විට ප්‍රංශය තුළ කොවිඩ් 19 ආසාදිතයින් මිලියන 4.2ට වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර මරණ 92,000ක් පමණ සිදුව තිබේ.

පෝලන්තය තුළ බ්‍රිතාන්‍යයේ පැතිර ගිය නව කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් දැඩි අවදානමක් මතුව තිබෙන බවත් 60%කට වැඩි ප්‍රමාණයක් නව කොවිඩ් ප්‍රභේදයට ගොදුරු වී ඇති බවත් සඳහන්.

ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ වාර්තා අනුව පෝලන්තය තුළ මිලියන දෙකකට වැඩි ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර කොවිඩ් මරණ 49,000ක් පමණ සිදුව ඇත.

පෝලන්තයේ අවදානම ගැන ජර්මනියද අනතුරු අඟවා තිබුණි. ඒ අනුව ඉරිදා සිට පෝලන්තයේ සිට දේශ සීමා පසුකරන සෑම කෙනෙක්ම කොරෝනා පරික්ෂාවකට ලක විය යුතු බවටද ජර්මනිය නිවේදනය කර ඇත.

ජර්මනිය තුළද කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ වැඩි වීමක් පෙන්නුම් කරමින් තිබෙන අතර චාන්සලර් ඇන්ජෙලා මර්කල් ද පවසා තිබුණේ හදිසි තීරණයකට යමින් නැවත රට ලොක්ඩවුන් කිරීමකට යොමුවිය යුතු බවයි.

ASK for LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි