×

ප්‍රංශ ජනාධිපති එම්මැනුවෙල් මැක්‍රොන්ට පාර්ලිමේන්තු බහුතරය අහිමි වේ.

ඉරිදා දින ප්‍රකාශිත ප්‍රතිඵල වලට අනුව ප්‍රංශයේ නව වාම සන්ධානයේ සහ අන්ත දක්ෂිනාංශයේ ඓතිහාසික නැගීමක ජයග්‍රහණ මධ්‍යයේ, ජනාධිපති එම්මැනුවෙල් මැක්‍රොන්ගේ මධ්‍යවාදී කණ්ඩායමට පාර්ලිමේන්තුවේ බහුතරය අහිමි වී ඇත. ගිය වසරේ ආසන 300කට වඩා වැඩි සංඛ්‍යාවක් ලබා ගනිමින් ආකර්ෂණීය නායකයෙකු වූ  එම්මැනුවෙල් මැක්‍රොනිට මෙවර සිය බහුතරය පවත්වා ගැනීමට අවශ්‍ය වූයේ ආසන 289 පමණි. එමඟින් ඔහුට ඉන් ලබාගත […]


ඉරිදා දින ප්‍රකාශිත ප්‍රතිඵල වලට අනුව ප්‍රංශයේ නව වාම සන්ධානයේ සහ අන්ත දක්ෂිනාංශයේ ඓතිහාසික නැගීමක ජයග්‍රහණ මධ්‍යයේ, ජනාධිපති එම්මැනුවෙල් මැක්‍රොන්ගේ මධ්‍යවාදී කණ්ඩායමට පාර්ලිමේන්තුවේ බහුතරය අහිමි වී ඇත.

ගිය වසරේ ආසන 300කට වඩා වැඩි සංඛ්‍යාවක් ලබා ගනිමින් ආකර්ෂණීය නායකයෙකු වූ  එම්මැනුවෙල් මැක්‍රොනිට මෙවර සිය බහුතරය පවත්වා ගැනීමට අවශ්‍ය වූයේ ආසන 289 පමණි. එමඟින් ඔහුට ඉන් ලබාගත හැකිවූයේ ආසන 245ක් පමණි. මෙහිදී ඡන්ද දායකයින්ගෙන් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් ඡන්දය දීමෙන් වැළකී සිටි අතර, ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 46.23% කි. මැක්‍රොන්ගේ වික්‍රමය මේ වන විට අවසන් බව වාම සන්ධානය හා දක්ෂිණාංශිකයන් ප්‍රකාශයට පත් කරන බවට තොරතුරු ජාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.

වසර පහක ආකර්ෂණීය පාලනයකින් පසු නැවත වරක් බලයට පත් එම්මැනුවෙල් මැක්‍රොන්ගේ දේශීය හා විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව ජනතාවට සුබවාදී ආකල්පයක් නොමැතිවීම හේතුවෙන් මෙලෙස සිටි ජනාධිපතිවරයා වෙනුවෙන් ඡන්ද දායකයන් සරළ බහුතරය නොදී සිටිමට හේතු වන්නට ඇති බව දේශපාලන විචාරකයන් අදහස් දක්වා ඇත. නූතන ප්‍රංශය මෙවන් ජාතික සභාවක් කිසි දිනෙක දැක නැති බව ප්‍රකාශ කරන අගමැති එලිසබෙත් බෝර්න් පැවසුවේ ජාතික හා ජාත්‍යන්තරික වශයෙන් මෙම තත්වය රටට අහිතකර බවයි. මෙහිදී ආර්ථීක අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කර තිබුණේ පාර්ලිමේන්තුවේ විශාලතම කණ්ඩායම් දෙක ප්‍රතිවිරෝධී මතයක සිට ප්‍රංශයේ ආර්ථීකය පාලනය කළ නොහැකි බවයි.

මේ වන විට වාම වාදී කණ්ඩායමේ නායක ජීන්-ලූක් මෙලෙන්චොන් විසින් කොමියුනිස්ට්වාදීන් හා අනෙකුත් පක්ෂ සමඟ සන්ධානගතව ඇත. මේ පිළිබඳව ඔහු සිය ආධාරකරුවන්ට ප්‍රකාශකර තිබුණේ ජනාධිපති පක්ෂය මුළුමනින්ම පරාජයට පත්ව ඇති බවත්, සෑම හැකියාවක්ම දැන් ඔවුන් සතුව පවතින බවත්ය.

සශිකලා මධුෂාණී_

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි